Thursday, March 27, 2014

Windows 7 සඳහාත් Windows 8 ආකාරයේ Explorer එකක්

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අප වැඩියෙන්ම භාවිතා කරන පහසුකම Explorer ලෙස සඳහන් කළොත් එහි වර්දක් නැහැ. Windows 8 හි දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Windows Explorer වෙත අලුත් වෙනස්කම් රැසක්ම එක් කර තිබෙනවා. පෙර තිබූ ඔප්ෂන් බාර් එක වෙනුවට ribbon-based UI එකක් එයට එක් කර තිබෙනවා.  නමුත් තවමත් එහි අවශ්‍ය පහසුකම් කිහිපයක් දක්නට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස tabs, folder/drive size charts, history view වැනි දෑ සලකන්නට පුළුවන්. මෙම ලිපිය මගින් හඳුන්වාදෙන මෘදුකාංගයෙන් Windows 8 වෙත මෙන්ම Windows 7 වලටද ඉතා බලසම්පන්න File Explorer එකක් එක් කර දෙනවා.تصویر: images/smilies/happy8se.gifتصویر: images/smilies/happy8se.gifتصویر: images/smilies/happy8se.gif

Better Explorer ලෙස හඳුන්වන මෙම මෘදුකාංගයේ ඇති ප්‍රධානම පහසුකම නම් ගූගල් ක්‍රෝම් වලදී මෙන් ටැබ්ස් භාවිතා කළ හැකි වීමයි. එනම් ඔබ මෙම මෘදුකාංගය භාවිතා කරයි නම් ෆෝල්ඩර් දෙකක් විවෘත කිරීමේදී Explorer වින්ඩෝ 2ක් විවෘත කරනු වෙනුවට එකම Explorer වින්ඩෝවේ ටැබ්ස් 2ක් විවෘත කළ හැකියි. තව බොහෝ පහසුකම්ද මෙම මෘදුකාංගය මගින් ඔබගේ වින්ඩෝස් 7, වින්ඩෝස් 8 හා 8.1 පරිගණකයට ලබා දෙනවා. නොමිලේ ලැබෙන මෘදුකාංගයක් වන Better Explorer පහත සබැඳියෙන් ගොස් නොමිලේ බාගත කළ හැකියි.تصویر: images/smilies/rofl8yi.gif

Download :- http://better-explorer.com/downloads/

[font=consolas,lucida console,monospace]මෙහි ප්‍රධාන අතුරු මුහුණත Windows 8 වල Explorer එකට බොහෝ සෙයින් සමානයි. Windows 8 වල නොමැති අන්දමින් ටැබ්ස් භාවිතා කිරීමටත්, පහළ දකුණු කෙළවරේ ඇති ස්ලයිඩර් එක මගින් අයිකන් වල ප්‍රමාණයන් වෙනස් කිරීමටත් හැකියාව ලැබෙනවා.

මෙම මෘදුකාංගයේ දක්නට ලැබෙන තවත් වටිනා පහසුකාක් නම් Conditional Select පහසුකම්යි. එමගින් File name, File Size, Date Created, date Modified සහ Date Accessed යන පරාමිතීන්ට අනුකූලව පරිගණකයේ ෆෝල්ඩර්ස් වල ඇති ෆයිල්ස් පෙරා ගත හැකියි.
[Image: Better_Explorer_Search.jpg]

[font=consolas,lucida console,monospace]Quick Access Toolbar එක මගින් Cut, Copy, Paste වැනි නිතර භාවිතා වන විධාන වලට කෙටි මං සකසා ගැනීමට පුළුවන්.

මෙහි ඇති තවත් පහසුවක් නම් Win RAR වැනි මෘදුකාංග භාවිතා නොකරම ZIP, 7Z සහ TAR වැනි archive සෑදීමටත් ඒවාට පාස්වර්ඩ් දැමීමටත් ඇති හැකියාවයි.





එමෙන්ම ඔබගේ පරිගණකයේ ඇති Files සහ Folders පහත රූපයේ ආකාරයේ chart මගින් බලාගත හැකියි.[Image: Better_Explorer_Drive_Chart.jpg]

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes