Wednesday, March 5, 2014

CMD එකෙන් Folder/File System Folder විදියට Hidden කරමු…..

 අදත් මම කියන්න යන්නෙ කොල්ලන්ට ටිකක් වැදගත් File එකක් හදාගන්න විදිහ.මේකෙන් අපට ඕනම Folder එකක් හරි File එකක් හරි System File එකක් විදියට Hidden කරගන්න පුළුවන්.අපි බලමු කොහොමද කරන්නෙ කියල.
♦ මුලින්ම Note Pad එක Open කරගන්නකෝ.

♦ දැන් මේ Code එක Type කරන්න.

attrib +a +s +r +h /s /d

♦ ඊට පස්සෙ ඒ File එක ඔයාල කැමති නමකින් Save කරගන්න.හැබැයි Save කරනකොට නමේ අගට .bat කියල දෙන්න.ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනෙ හොඳද?




♦ ඊට පස්සෙ ඒ File එක ඔයාට Hidden කරන්න ඕන File/Folder තියන Folder එක ඇතුලට Copy කරගෙන Double Click කරල Open කරන්න.

♦ දැන් බලන්න ඒක ඇතුලෙ තිබුන File/Folder ටික පේනනෙ නෑ නේද?

♦ Files show කරගන්න ඕනෙ උනාම Folder Option වලට ගිහින් එකේ තියන Hide Protected Operating System Files (Recommended) කියන එකේ Tick එක අයින් කරල Apply කරල Ok කරන්න.හැබැයි ඊට උඩින් තියන Show Hidden File කියන එකේ Tick එක දාල තියෙන්නත් ඕනෙ.

♦ Hidden වුන Files/Folder Unhide කරගන්න ඕනෙ උනාම පහල තියන Code එක Note Pad එකේ Type කරල කලින් විදියටම Save කරගෙන Double Click කරල Open කරන්න.(Files/Folder Hidden කරපු තැන Save කරගන්න.)

attrib -a -s -r -h /s /d


ඔන්න එහෙනම් මම අද තවත් හොඳ ලිපියක් අරන් ආවා.මේක මම කලින් කියල දුන්න .bat File එක හදන Code එකෙන්මයි කරන්න තියෙන්නෙ.එහෙනම් අපි බලමු කොහොමද කරන්නෙ කියලා….

♦ මුලින්ම Run Command (Win + R) එකේ Cmd කියල Type කරල Command View එක Open කරගන්න.

♦ දැන් ඒකෙ පහල තියන Code එක Type කරන්න.

attrib +a +s +r +h

image



♦ ඊලඟට ඔයාට Hidden කරගන්න ඕන Folder එක හරි File එක හරි Command View එකට ඇදල දාන්න.එතකොට Command View එකේ File/Folder Path එක පෙන්නයි.

♦ ඊලඟට Enter කරන්න.Folder/File එක Show කරගන්න විදිය මම කලින් දාපු ලිපියෙ තියනවා.

♦ Folder/File එක Unhide කරගන්න ඕන උනාම මුලින් කියපු පියවරවල්ම කරන්න.Code එක විතරක් පහල විදියට Type කරල Enter කරන්න.

attrib -a -s -r -h

 එහෙනම් ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා කියල Comment එකක් දාල යන්නකෝ.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes