මේ දවස් වල මැච් එකත් තියෙනවා නේද?මැච් එක බලන්න කියලා ඉතින් ගෙදර ඉන්න පුලුවන්ද නේද? කොහොමද යන එන ගමන් ෆෝන් එකෙන් ටී.වී.බලන්න තිබ්බොත්.ඕක ඉතින් කියන්න දෙයක්ද? නේද? ඒත් අවුල තියෙන්නේ අම්බානක සල්ලි කැපෙන එකනේ.ඔන්න මගෙන් ඒකට විසදුමක්."මොබිටෙල්" පාවිච්චි කරන අයට තමයි මේක කරන්න පුලුවන්."ඩයලොග්" නම් මම උත්සහ කලා.ඒත් වැඩ කලේ නෑ.අනිත් නෙට්වර්ක්ස් නම් මම බැලුවේ නෑ.ඔයාලා චෙක් කරලා බලන්න අනිත් ඒවටත් මේක වැඩද කියලා.වැඩනම් ඉතින් හැමෝටම දැන ගන්න කොමෙන්ට් එකකින් දාන්න.

මුලින්ම කියන්න ඕන මේ සඳහා ඔයාලගේ ජංගම දුරකථන්යේ ජී.පී.ආර්.එස්. පහසුකම හා ජී.පී.ආර.එස්. සෙටින්ග්ස් තියෙන්න ඕන.මෙහෙමයි වැඩේ!!.එච්චර දෙයක් නෑ...මම මේ දෙන ලින්ක් එක ඔයාලා ෆෝන් එකේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකේ ටයිප් කරන්න.ඊට පස්සේ සාමන්‍ය වෙබ් පිටුවකට යනවා වගේ ඇතුල් වෙන්න.ඒතකොට ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ ප්ලේයර් එක විවෘත වෙන්න අහයි.(උදා:-Nokia නම් Real One Player). වීඩියෝ ප්ලේයර් එක විවෘත වුනාට පස්සේ ඔයාලට නිදහසේ නොමිලේ ටී.වී. බලන්න පුළුවන්.

මෙන්න ලින්ක් එක-->>
rtsp://192.168.97.49/Chanel.sdp
මේ ලින්ක් එකේ Chanel කියලා තියෙන තැනට ඔයාලට බලන්න ඕන චැනල් එකේ නම පහත තියෙන විදිහට ටයිප් කරන්න.
1)arttv
2)derana
3)eye
4)itn
5)maxtv
6)rupavahini
7)swarnawahini

දැන් ඉතින් හිතේ හැටියට ටී.වී. බලන්න.

Nokia ජංගම දුරකථන භාවිතා කරන අයට---->>

ඔයාලා ගැලරි වල තියෙන ස්ට්‍රීමින්ග් ලින්ක් වලට මේ ටික දාගන්න.එතකොට කිසිම කරදරයක් නැතුව පහසුවෙන්ම මේක භාවිතා කරන්න පුළුවන්.ඔන්න මම ඒක කරන විදිහේ ස්ක්‍රීන් සොට් ටිකකුත් දෙනවා.








































































ඒ වගේම ඔයාලගේ Real One Player එකේ නෙට්වර්ක් සෙටින්ග්ස් මේ විදිහට හදාගන්න ඕන.












වැදගත්--මෙම ක්‍රමයට ටී.වී බැලීමේදී ඔබේ ජංගම දුරකථන ගිණුමේ කිසිදු මුදලක් වැය නොවන අතර එහෙත් සමහර අවස්ථා වලදී ඔබේ ගිණුමේ මුදල් වැයවීමක් සිදුවිය හැක.කලබල නොවන්න.ස්වල්ප මොහොතකින් එම වැයවූ මුදල ඔබේ ගිණුමට නැවතත් ලැබේවි.