Wednesday, June 15, 2016

ඩෙස්ක් ටොප් ලස්සනට තියාගමු

වෝල් පේපෙර්

ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න තියන වෝල් පේපෙර් එක හුගක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පහල දාලා තියන ලින්ක් එකෙන් ගිහින් වින්ඩොව්ස්ලගේන්ම තීම් හා වෝල් පෙපෙර්ස් ඩවුන්ලෝඩ් කරගන්න 
http://windows.microsoft.com/en-us/windows/themes 


ඊලග කාරණය ඩෙස්ක්ටොප් ෆෙන්ස්

මේකෙන් කරන්නේ ඔයාගේ screen එකේ තියන icons ලස්සනට manage කරන එක.
මෙන්න මේ වගේ 



අනිත් වැඩ ගත් කරණය තමයි ඩබල් click එකෙකින් ඔක්කොම icons හන්ගන්න පුළුවන්.


ඩවුන්ලෝඩ් කරගන්න පහත ලින්ක් එකට යන්න. එකේ තියනවා Direct Download කියලා ලින්ක් එකක් එක click කරන්න.

filehippo.com/download_fences/7835/

wifi වලින් කළහැකි සුපිරි වැඩක්... ඇවිත් බලන්න

කොහොමද මචන්ලා අදනම් කියලදෙන්න රත්තරං වගේ වටිනා දෙයක්. කියවල ඉවරවෙද්දි තේරෙයි 
හරි මචන් මේකයි සීන් එක, මං කලින් පොස්ටුවේ කිව්වනේ wifi hotspot එකකින් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියල. අද ඉදං වැඩ පෙන්නන්ම් ටිකෙන් ටික, හරි කලින් ලිපිය මෙන්න කියවපු නැති අය කියවලම එන්නකෝ wifi hotspot 

අද අපි බලමු කොහොමද ඔයාලගේ ෆෝන් එක අල්ලනෙවත් නැතුව ෆොටෝ ගන්නේ වීඩියෝ කරන්නේ කියල. බයවෙන්නෙපා මේක හැකින් නෙවේ ඒ විතරක්ද skype එකට wireless cam එකක් විදියටත්. ඔයාගේ wifi range එක ඇතුලත ඕනෙම තැනක ෆෝන් එක රදවලා ෆොටෝ ගන්න පුළුවන් computer එකෙන්, දැන් තේරෙනවනේ එන්න හදන්නේ මොකාටද කියල

වැඩ පටාන් ගමු!
app එකේ නම තමයි IP Webcam එක මුලින්ම ඔයාගේ android device එකට මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න

කලින්ම කියන්න ඕනේ මේ මේ මෘදුකාංගය internet එක හරහා වගේම wifi range එකක් හරහා වුවද ක්‍රයාත්මක කල හැක. පස්සේ දවසක internet එක හරහා කරන හැටි කියල දෙන්නම් 

හරි දැන් app එක ඕපන් කරගන්න, හරි දැන් Local broadcasting එකට යන්න.



දැන් ඉස්සෙලම අපි අපිටම කියල ලොගින් එකක් හදාගන්න ඕනේ, login/password දෙන්න





දැන් ආයෙත් මුලට ඇවිත් video preferences එක දෙන්න



video resolution එක ඔයාට අවශ්‍ය කොලිටියට හදාගන්න(මෙය රැහැන් රහිත ජාලයක් බැවින් මං නම් අනුමත කරන්නේ 640X480 resolution එකයි)
photo resolution එක දෙද්දී මචන් ඔයා front cam එකත් use කරන්න හිතන් ඉන්නවනම් front cam එකේ උපරිම resolution එක දෙන්න, back cam එක විතරයි නම් 4න් එකේ උපරිම resolution එක දෙන්න



හරි 4න් එකේ settings නම් හදල ඉවරයි. දැන් පහලම තියන start server දෙන්න



දැන් ඔයාගේ cam එක ඕපන් වෙයි ඒ වගේම පහලින් IP Address එකක් දිස්වේවි. එම IP address එක ඔයාගේ browser එකේ type කරලා enter කරන්න.



මේ app එක අවශ්‍යනම් Background run වෙන විදියට හරිගස්සන්නත් පුළුවන්. ඒ සදහා දකුණු පස ඇති action ටැබ් එක tap කරාම එන මෙනු එකෙන් run in Background එක දෙන්න



computer එකේ Browser එකේ IP Address එක ටයිප් කරල enter කරාම log වන්න user name / password අහවි



password එක save කරගාත්තානම් ලේසියි



දැන් පහල තියන page එකට ඒවි.මේ page එකෙන් සෑහෙන වැඩ කොටසක් ඔයාට කරගන්න පුළුවන්




හරි දැන් පහල screen shot එකේ විදියට flash කියන එකට යන්න.



දැන් screen preview එකක් ඒවි.

පහත screen sot එක පෙන්වන කොටසෙන් කැමරාවෙන් සිදුකල හැකි කාර්යන් ඉටුකරගත හැක.



01. ෆෝකස් කර ෆොටෝ ගැනීමට
02. ෆ්ලෑෂ් ලයිට්ස් ඕන් කිරීමටත් ඔෆ් කිරීමටත්
03. zoom කිරීමට
04. back cam හා front cam අතර switch වීමට

අදී තවත් දෑ සිදුකල හැකිය. තවත් ඕනේ නම් pro edition එකට යන්න google එකෙන් හොයාගන්න පුළුවන්
take focus photo button එක වරක් click කිරීමෙන් ෆොටෝ ගත හැකි අතර තව තවත් ෆොටෝ ගැනීමට අවශ්‍ය නම් F5 pres කරන්න ( page එක refresh කරන්න)

ගන්නා ලද ෆොටෝ video archive ටැබ් එකේ බලාගත හැක.



Skype භාවිතා කරන ඔබට wireless cam එකක් ලෙසින්ද මෙය භාවිතා කිරීමේ හැකියාව පවතී. ඒ සදහා video chat drivers ටැබ් එකට ගොස්. අවශ්‍ය මෘදුකාංගය Download කර දී ඇති උපදෙස් පිළිපදින්න 

තවම මේකේ ප්‍රයෝජන කතාකරල ඉවර නෑ
මීලගට බලමු VLC player එකට කොහොමද ගන්නේ කියලා
හරි යන්න Other viewing Methods ටැබ් එකට



පහල screen shot එකේ highlight කරලා තියන path එකට යන්න.



මතක ඇතුව IP Address එක type කරලා /video කියල ටයිප් කරන්න අමතක කරන්න එපා.

user name / password ඉල්ලාවි අර කලින් හදාගත්තු එක දෙන්න



දැන් play කරල බලන්න. ගොඩ නේද



හරි මේ app එකෙන් තව ගොඩක් වැඩ කරනගන්න පුළුවන් ඒවා ඉදිරියට
සැ.යු. මෙය 100%කම මා විසින් අත්හදා බලා ඉදිරිපත් කරන ලද එකක් බවත්, මීට සමාන තවත් මෘදුකාංග තිබිය හැකි බවත්, මා හුදෙක් උත්සහ කරන්නේ ඔබට මෙවැනි දෑ කිරීමට අත්වැලක් හා මගපෙන්වීමක් ලබාදීමටත් පමණක් බව සිහිතබාගනු මානාය.

වැඩ රාජකාරි බහුල වුවත් ඉඩක් වෙන්කරගෙන මේ වගේ පොස්ට් මහන්සියෙන් ඔයාලට කියල දෙන්නේ සතෙකවත් ප්‍රතිලාභයක් නැතුවයි කෙලින්ම කියනවනම් සමහරු හිතන් ඉන්නේ කහනවට මේවා දානවා කියල, ඉතං එහෙම කරලා තව බැනුම් අහන්නත් වුවමනාවක් නැති හින්ද මේ පොස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊළග පාඩම ගෙන එන්නම්

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes