Friday, September 11, 2015

IDM එකෙන් Resume කරන්න බැරි Files ආයෙත් Resume කරලා Download කරමු



අපි ගොඩ දෙනෙක් අපේ Download Manager මෘදුකාංය විදිහට පාවිච්චි කරන්නේ IDM එකනේ. ( Internet Download Manager ). ඒත් සමහර වෙලාවට යම් ගොනුවක් අපිට එක දිගටම Download
කරන්න බැරි අවස්තා තියනවනේ, අපි හිතමුකො අපි 700MB වගේ ෆිල්ම් එකක් බානවා කියලා. නමුත් ඕක කුමන හෝ හේතුවකට අන්තර්ජාල සබදතාවය විසන්දි කරන්න උනා කියමුකෝ. සමහර වෙලාවට ඩොන්ගල්
පාවිච්චි කරන අයගේ ඩොන්ගල් එක ඉබේම Disconnet වෙනවනේ. ඉතින් එහෙම උනාම සමහර වෙලාවට IDM එකේ Resume Capability එක " Yes " කියලා තියන ඒවත් Resume කරන්න බැරිවෙන
අවස්තා ඕණ තරම් ඔයාලට සෙට් වෙලා ඇතිනේ. 700 MB මුවීයකින් 500 MB විතර Download වෙලා නෙට් කනෙක්ශන් එක කරුමෙට හර Disconnet වෙලා කලින් දාපු මුවීය ආයේ Resume කරන්න බැරි උනොත් කොහොමද
ටොපිය. බාපන්කෝ ආයෙත් මුල ඉදන්. ඉතින් අද කියන්න යන්නේ ඒවගේ සීන් එකකදි නැවතත් අර File නතර වෙලා තිබුන තැන ඉදන්ම ආපහු Resume කරගන්න පුලුවන් විදිහක් ගැනයි. මේ ක්‍රමේ නම් ගොඩක් සයිට්
වලට වැඩ කරනවා. ( Torrent Direct බාන සයිට් වලටත් වැඩ කරනවා.)




හරි මෙහෙමයි වැඩේ කරන්නේ.

[ 1 ] ඔයාලා IDM එක Open කරගෙන අතරමගදි Download වීම නතර වෙලා තියන File එක තෝරන්න. File එක තෝරලා ඒකේ File Name එක උඩ Right Click කරලා Properties වලට යන්න.



[2] Properties වලට ගියාම ඔයාලට පෙනෙයි Address යටතේ Web Address එකක් තියනවා. අන්න ඒ Address එක කොපි කරගෙන ඔයාලගේ Web Browser එකේ Address Bar එකේ Paste
කරලා Enter යතුර ඔබන්න.






[3]Enter කරාම ඔයාලට පෙනෙයි අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවටමයි ගිහින් තියෙන්නේ කියලා.



දැන් තමා වැදගත්ම කොටසට එන්නේ. ආපහු එම ගොනුව Resume කරන එක අපිට ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.

මේ දීලා තියන ක්‍රම දෙකෙන් ඔයාලට කැමති එක ක්‍රමයක් විතරක් පාවිච්චි කරන්න.

හරි දැන් බලමු පලවෙනි ක්‍රමය :-


[ 4 ] ඉස්සෙල්ලා පියවරේදි [ 3වන පියවර ]අපි Enter යතුර ඔබලා ගියානේ අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. දැන් අපිට පේන්න තියනවනේ Download Button එක. අන්න ඒ Download Button එක උඩ
Right Click කරලා " Copy Link Location" එක කොපි කරගන්න.




[ 5 ] දැන් ආපහු IDM එකට ගිහින් අතරමග Download නතර වෙලා තියන File එක මත Right Click කරලා Properties වලට යන්න. ගිහිල්ලා Address යටතේ තියන Link එක Delete කරලා දාන්න. Refer කියන තැනත් Link එකක් තියනවනම් ඒකත් Delete
කරලා දාන්න.




මේ තියෙන්නේ Delete කරපුවම



[ 6 ] ඊලගට අපි කලින් පියවරකදි Copy කරගත්තු " Copy Link Location" එක Address , Refer කියන තැන් දෙකටම Paste කරන්න. Paste කරලා OK කරන්න.


[ 7 ]ඊලගට IDM Main Window එකට ගිහින් අර මග නතර වෙලා තිබුන File එක උඩ Right Click කරලා Resume Download ක්ලික් කරන්න.



[ 8 ] ඔන්න වැඩේ හරි!!! Resume Download ක්ලික් කරපු ගමන් අර කලින් නැවතිලා තිබුන තැන ඉදන්ම ආයෙත් File එක Download වෙන්න පටන් ගනියි.





දැන් අපි බලමු දෙවෙනි පියවර මොකක්ද කියලා.

1 වෙනි ක්‍රමයේ 3 වන පියවරේදි අපි ගියානේ අපි File එක කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. 2 වන ක්‍රමේදි කෙලින්ම Download Button එක ක්ලික් කරන්න.



ක්ලික් කරපු ගමන් එන IDM Download File Info Window එකේ තියන සම්පුර්ණ URL එක කොපි කරගෙන ඒ Window එක Close කරලා දාන්න.


ඊලගට කරන්න තියෙන්නේ පලවෙනි ක්‍රමේ 6 , 7 , 8 යන පියවර ටික තමයි...
ඊට පස්සෙ Resume Download ක්ලික් කරපු ගමන් අපි කලින් නවත්තපු තැන ඉදලා ලස්සනට File එක Download වෙන්න පටන් ගනියි.



එහෙනම් කරලා බලපල්ලකෝ.

Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]



ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා) බාගන්න පුලුවන් විදිහට Direct Link 
වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. Torrent2DDL , Seedr , Hive.im , Filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා තියනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්නෙත් ඒ වගේ පට්ටම සයිට් එකකුයි. මේකේ Acc එකක් ලේසියෙන්ම ඔයාගේ Email ලිපිනයක් බාවිතයෙන් හදාගන්න පුලුවන්. අද දෙන සයිට් එක තමයි " Myfastfile ". Torrent එකක් Download කරද්දිත් Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. 1 Click Resume Support කරනවා. අවශ‍යනම් Online Streaming කරලා බලන්නත් පුලුවන්. මේකේ පොඩි අවුලකට තියෙන්නේ Free Acc කට්ටියට එක Torrent එකක් Download කරලා අනික ගන්න වෙන්නේ පැය 2 කට පස්සේ තමයි [ Torrent Size එක අදාල නෑ ]. එහෙනම් කට්ටිය මේකෙත් Acc එකක් හදාගමුකෝ. මෙහෙමයි වැඩේ කරගන්නේ.



ඉස්සෙල්ලම බලමු මේකේ තියන වැඩකෑලි....



හරි මෙතනින් ගිහින් Myfastfile සයිට් එකේ Account එකක් හදාගන්න.

මචන්ලා පොඩි උදව්වක් ඕණේ. පුලුවන්නම් මගේ Referral Link එක හරහා Register වෙන්න. එතකොට මාසයක් Premium හම්බ වෙනවා.



Direct Signup.







හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

*] ඔයාට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හෝ එයට අදාල .torrent එක Upload කරන්න.









මෙන්න Online Streaming...





Torrent එක ඇතුලේ File කීපයක් තියන ඒවත් ගන්න පුලුවන්. ( Zip එකක් විදිහට ගන්න. )



Free User Limit msg එක. ( එක Torrent එකක් Download කරලා අනික ගන්න වෙන්නේ පැය 2 කට පස්සේ තමයි )



මෙන්න Download Speed එක.







බලලා නිකන්ම යන්නේ නැතුව BuMp එකක්වත් දාගෙනම යන්න.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes