Monday, April 28, 2014

සින්දු අහල දවසෙන් දවස $10 Cashout කරමු


slicethepieඅන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම ගත්කල නොයෙක් ආකාරයෙන් මුදල් ඉපයීමේ ක්‍රම තියෙනවා. ඒ අතර ගොඩක් දෙන දන්න ක්‍රම සේම, සාමාන්‍ය නොවන අසාමාන්‍ය ක්‍රමද තියෙනවා. කවද හරි හිතුවද ඊ-මනී ෆීල්ඩ් එකේදි සින්දු අහලා සල්ලි හොයන්න පුලුවන් කියලා. එහෙම අහල නැත්නම් අද දැන ගන්න එහෙම සයිටුත් තියෙනවා.

                Slicethepie කියන්නෙ අන්න ඒවගේ සයිට් එකක්. මේකෙ ලක්ෂණ ටිකක් මම ඔයගොල්ලන්ට මුලින්ම කියලා ඉන්නම්.

  GET  TO  KNOW  ABOUT  SLICETHEPIE


  • වසර 6ට අධික කාලයක් Elite එකක්ව පැවතීම.

  • අවම මුදල් ගැනීමේ සීමාව $10 වීම

  • එක සින්දුවකට $0.05 - $0.30 වෙනතෙක් මුදල් ලැබීම ( රුපියල් 7 - රුපියල් 50 )

  • සින්දුවක් තත්පර 90 ක කාලයක් පමනක් ඇසීම ප්‍රමානවත් වීම

  • රෙෆරල් කමිශන් එක 10% වීම

  • රෙෆරල් ලිමිට් එකක් නොමැතිවීම


මේකෙදි අපිට අපේ රෙෆරල් කෙනෙක්ගෙන් 10% කමිෂන් එක හම්බෙනවා. ඒකියන්නෙ අඩුමගානෙ $0.005 ඉදලා $0.03 වෙනකම්. අපි නිකං දවසකට මේ සින්දු අහන එකෙන් කොච්චර උපයන්න පුලුවන් ද කියලා බලමු.



ඔයා පැයට සින්දු 30 අහනවා - $0.07 x 30 = $ 2.10


දවසට පැය දෙකක් අහනවා - $ 2.10 x 2 = $ 4.20



රෙෆරල්ස්ලා 50 ඉන්නවා එක සින්දුවකට - $0.007 x 50 = $ 0.35


දවසකට එක්කෙනෙක් සින්දු 30 අහයි - $0.35 x 3 = $1.05



දවසකට = $ 5.25



Cashout කරන්න යන කාලය - දවස් 2 යි



                  ඉතින් ඒ අනුව පේන්නෙ ඔයගොල්ලන්ට දවසක් ඇර දවසක් මෙහෙම කරොත්$10 ගානෙ  කරන්න පුලුවන් කියලා.  මම මේ සයිට් එකේ ගිනුම හදලා වැඩකරන හැටි විඩියෝ එකක් කරා, මෙන්න ඒකත් බලන්න.

පල්ලෙහ තියෙන පින්තූරෙ ක්ලික් කරලා රෙජිස්ට වෙන්න.
slicethepie

                   හරි, මම හිතනවා දැන් ඔයාලට මේ සයිට් එක ගැන හොද වැටහීමක් ලැබුනා කියලා. ප්‍රශ්නයක් නෑ, තේරුනේ නැති දෙයක් හරි, අමතර තොඅරතුරක් හරි දැන ගන්න තියෙනවනම් කම්මෙන්ට් කරල යන්න, මම අනිවා රිප්ලයි කරනවා.

ලිවීමේ කලාවෙන් ඩොලර් හොයන්න එන්න - iWriter..


iWriterඉංග්‍රීසි කියන්නෙ අපි ලාංකිකයන්ගේ දෙවනි බස. ඒත් අන්තර්ජාතික වශයෙන් ඒ බස තමයි වැඩියෙන්ම භාවිතාවන්නේ. ශ්‍රි ලංකාවෙ අපේ කොල්ලොන්ට තියෙන ලොකුම අවුල ඔය ඉංග්‍රීසි. හැබැයි ඉතින් ඉංග්‍රීසි ටිකක් හොදට දැන ගත්තනම් ගොඩම තමයි. අපේ කොල්ලොන්ට හොද අදහස් තිබ්බට ඇඩ්සෙන්ස් එහෙමත් හෙනේට හිටින්නේ ඔය ඉංග්‍රීසි හින්දනේ.

             මම අද ඔයගොල්ල්න්ට ඉංග්‍රීසි උගන්නන්න නෙමෙයි මේ ආවෙ, අලුතෙන් සයිට් එකක් ගැන කියලා දෙන්න. සමහර අයනම් දන්නවත් ඇති මේ ගැන , මේ සයිට් එකේ නම iWriter මේකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලියලා මුදල් ගරන්න. වැඩේ කොහොමද වෙන්නෙ කියලා මම කියලා දෙන්නම්කෝ.





 iWriter  හි  වැඩ  සිදුවන  පිළිවෙල

               iWriter සයිට් එක කියන්නෙ Freelancer සයිට් එකක්. ඒකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලිවීමයි. මේකෙදි සිද්දවෙන්න, කට්ටියක් ඉන්නවා ලිපි අවශ්‍ය. ඒගොල්ලන්ගේ සයිට් වල පල කරගන්න. ඉතින් අපි තමයි ලිපි ලියන්නෙ. ලිපි අවශ්ය අය මේ සයිට් එකෙන් අපිව හොයාගෙන අපිට කියන්වා මෙච්චර ගානක් ගෙවනවා මේ වෙලාව ඇතුලත මට මේ ලිපිය ලියලදුන්නොත් කියලා. ඉතින් අපිත් ඒක කරාම සල්ලි මිටිය සාක්කුවේ. එක ලිපියකට ඒගොල්ලො $ 2 - $ 25  හෝ ඊටත් වැඩියෙන් ගෙවනවා. මේ සයිට් එකෙන් මුදල් ගන්න පුලුවන් පෙයිපෑල් හරහා. හැමදාම කියනවා වගේ පෙය්ප්පේල් ගිනුමක් ලංකාවට සල්ලි ගන්න විදියට හදන්න දන්නෙ නැත්නම් මෙන්න ගිහින් බලන්න. Paypal in Sinhala



 ලිපි  ලිවීමේදී  සැලකිලිමත්  වියයුතු  කරුණු



ලිපියක් ලියන කොට අපිව, Writers ඒ කියන්නෙ ලියන අයව කාණ්ඩ තුනකට බෙදලා තියෙන්නෙ, 


  1. Elite
  2. Premium
  3. Standard


ඒ කාණ්ඩ තුනයි. Elite අයට ගොඩක් මුදල් ගෙවන ලිපි ලියන්න අවස්තාව හම්බෙන්වා.

ලිපි ලියද්දී ලියන්න ඕන වචන ගනන්ක් තිබෙනවා. ඒ වචන ගන්නට හෝ එය මදක් පන්න ලිවිය හැක. ඒ වගේමයි ලිපිය ලියනකොට දීලාතියෙන Keywords පාවිච්චි කරන්න ඕන.  Keywords  කිව්වට අලි ලොකු දෙයක් නෙමේ. ඒක පොඩ්ඩක් පේන විදියට පස් හය පාරක් පෝස්ට් එකේ පාවිච්චි කරන්න.

          ලිපියක් ලියන්න නිශ්චිත වේලාවක් දීලාතියෙනවා. ඒ වේලාව ඇතුලත ලිපිය ලිඅයන්න ඕන. බය වෙන්න එපා වෙලාව ඉහටත් උඩින් ඇති අපිට ඕක ලියන්න. අන්තිම කරුණ තමයි කොයි වෙලාවකවත් වෙන කොහෙන්හරි ලිපි කොපි කරන්න එපා. සයිට් වලින් හෝ කොහෙන්වත්. ඔයාගෙම අදහස් ලියන්න. නැත්නම් Copyscape ෆේල් උනොත් සොරිම තමයි.  ලිපි ඕන කියලා ජොබ් එක දාපු කෙනාට පුලුවන් අපි ලිව්ව ලිපි හොද නැත්නම් රිජෙක්ට් කරන්න. එතකොටත් ඉතින් සොරිම තමයි. අනික මතක තියාගන්න Copyscape තුන් පාරක් ෆේල් වුනොත් ගිනුම අත්හිටුවනවා. හැබැයි එතකොට සොරි නෙමෙයි සොරි.com

එහෙනම් වැඩේට පොඩ්ඩක් ඔලුව දාල බලමුද ?


  • සයිට් එකට ගිහින්  රෙජිස්ට වෙන්න,  මෙන්න  iWriter

  • ඊලගට ලොගින් වෙලා  යූසර් නේම් එක ක්ලික් කරාම සෙටින්ග්ස් හදන්න පුලුවන්. ඒ සෙට්ටින්ග්ස් වල ඔයාගෙ පෙයිපෑල් ලිපිනය එහෙමත් දෙන්න.

  • ලිපිය ලියන්න 'Write Article' ක්ලික් කරන්න


    images+(4)
  • ඊලගට  කැමති මාතෘකාවක්, කරන්න පුලුවන් දෙයක් තෝරගෙන ඒකෙ වම් පැත්තේ තියෙන එකතු කිරීමේ ලකුන ඔබන්න. එතකොට ඩ්‍රොප් ඩව්න් මෙනු වක් ඇදෙයි. මම කලින් කියපු කාරණ ඒකෙදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි. කලින් කියපු දේවල් අනුව කටයුතු කරන්න. 


    iwriter-projects-list

  • Write Article කියන එක ඔබලා ලියන පිටුවට ගියාම ඒ කෙ වෙලාව යනවා පෙනෙයි. ඒ වගේමයි අපි ලියන වචන ගනනත් කවුන්ට් වෙනවා. ඔක්කොටම කලින් එතන දීලා තියෙන ' Project instructions ' කියවන්න. ඒකතමයි වැදගත්ම.

  • ඔක්කොම කරලා,කියවලා , ලිව්වට පස්සෙ සෑහීමකට පත්වෙනවනම් 'Submit' ඔබන්න.

මේ සයිට් එක ගැන බයවෙන්න දෙයක් නෑ, මොකද මේක ගෙවන සයිට් එකක්. තව දෙයක් ඔයගොන්ට ගූගල් එකේ සර්ච් කරල ඒවගේම තව සයිට් වලත් සර්ච් කරලා ලිපිය ලියන්න කරුණු ගන්න පුලුවන්, ඒත් ඒක එහෙම්මම ලියන්න එපා. අදහස විතරක් අරන් නිර්මාණශීලීවෙන්න.

Sunday, April 27, 2014

YouTube එකේ Video Open නොකර Thumbnail විදියට බලාගන්න Extension එකක්

ඔන්න ඔයාලට පොඩි Chrome extension එකක් ගෙනාවා මාත් හොය හොය හිටිය එකක් ඉතින් ඔයාලටත් වැදගත් වෙයි කියල හිතල දාන්න හිතුනා

YouTube මාමලගෙ අප්ඩේට් හින්දා බැන්විත් ලිමිට් වෙච්ච අපි වගේ අයට ලොකු ප්‍රශ්නයක් මොකද මේක විඩියෝ එක ඕපන් කරපු ගමන් බස බස ගාලා ලෝඩ් වෙන්න ගන්නවනෙ කරුමෙටවත් අපි හොයන වීඩියෝ එක නෙමෙයිනම් ඉතින් අයියෝ MB තමයි
මේ extension එකෙන් ඔය වැඩේ නවත්ත ගන්න පුලුවන් මේක දැම්මට පස්සේ ඔයා මොකක් හරි දෙයක් YouTube එකේ සර්ච් කලර එක රෙසාල්ට් වීඩියෝ ලගට කසර් එක ගෙනිච්ච ගමන් ඒ වීඩියෝ එකේ තියන දේ Thumbnail විදියට බලාගන්න පුලුවන් ඉතින් Thumbnail බලලා වීඩියෝ එක බලනවද නැද්ද කියල තීරනය කරන්න පුලුවන් MBත් ඉතුරුයි 

මේක තියෙන්නේ Chrome එකට විතරයි :(:(
extension මෙතනින්(click and skip Ad) ඩවුන්ලෝඩ් කරගන්න

Saturday, April 26, 2014

පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක් sun virtualbox


[​IMG]

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ආපහු සක්මන ලියන්න පොඩි නිදහසක් හම්බුනා. අද කියන්නම් පරිගණකයක් ඇතුලෙ තවත් පරිගණකයක් පිහිටුවීම කරන හැටි ගැන. 
මේ විදිය භාවිතා කරන්න ‍විවධ අවශ්‍යතාවයන් නිසා. හිතමු අපේ කොම්පියටරේ තියෙන්නෙ Window XP කියල අපට පුලුවනි එක්ස් පී තියනකොට තවත් ඔපරේටිං සිස්සටම් (OS) 

eg: 
Windows
* 98
* me
* 2000
* win 7
* win 8


Open S.
* Linux
* Ubuntu


වගේ විවිධ OS කීපයක් දාගන්න. හරිම ලේසියි. 


මුලින්ම මේ Oracle VirtualBox කියන මෘදුකාංගය පරිගණකයට Install කරගන්න වෙනව ඒක ගන්න මෙතනින්
[​IMG]
[​IMG]
[​IMG]
හරි Install කලාට පස්සෙ PC එක Restart කරගන්න
දැන් VirtualBox ඕපන් කරගෙන මෙන්න මේ විදියට කරගෙන යන්න.
[​IMG]
[​IMG]
[​IMG]
[​IMG]
[​IMG]
[​IMG]
[​IMG]
[​IMG]
[​IMG]
හරි දැන් මෙතනදි කලේ අපි පරිගණකය ඇතුලෙ තවත් පරිගණකයක් හදාගත්ත. දැන් කරන්න තියෙන්න ඒ පරිගණකයට අපට අවශ්‍ය OS එක දාගන්න එකයි. CD එක දාල අපි හදපු PC එකේ Settings වලට යන්න. එතන තියනව Boot Order එක මාරැ කරන්න. ඒක මාරැ කරන්න CD ROM එකට.
දැන් හදාගත්ත PC එක Right click කරල Start දෙන්න එතකොට ඉල්ලනව Rom Drive එක 
ඒක දීල Next කරන්න. ඔබට පෙනේවි පොඩි වින්ඩෝ එකක් ඇතුලෙ CD එක Boot වෙනව...

Friday, April 25, 2014

Windows Gadjet වලට ආස අය එන්ඩෝ....

අපි මාතෘකාවට බහිමුකො එහෙනම්...

Windows Gadjet කිව්වම සමහරු පට්ට ආසයි.තව සමහරු කියනවා කිසි වැඩකට නෑ කියලා..එත් මමනම් ඩෙස්ක්ටොප් එක එලට තියාගන්න මේවා use කරනවා..

මුලින්ම දාන්නම් මම use කරන Glass Gadjets ටික..සේරම upload කලා download කරන්න ලේසි වෙන්න..

මෙන්න ලින්ක් එක..http://adbla.us/xTaf1 (skip Ad)







මෙන්න අනිත් gadjet ටික..http://adbla.us/LqRyA (skip Ad)





Logon screen එක ලස්සනට තියාගන්න ඕනෙනං මෙන්න බඩු..http://adbla.us/1w1fH (skip Ad)



මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

My Best Firefox Add-ons



අපේ කස්ටිය Firefox Add-ons ගැන කියල දාන Treads ටිකක් දැකලයි මටත් නුලක් අබරන්න හිතුවේ..



කස්ටිය දැනටමත් ගොඩක් Add-ons පාවිච්චි කරනවා ඇති..
Foxy-Proxy, Download them All, Add Blocker, Grease Monkey වගේ තවත් Add-ons ඕන තරම් පාවිච්චි කරලා ඇති..
ඒක නිසා මම ඒව ගැන කියන්න යන්නේ නෑ..

මේ තමයි මම පාවිච්චි කරන Firefox Rock කරලා ගන්න පුළුවන්
Add-ons.. පෙරේතකමක් නැතුව කුට්ටිය පිටින්ම..


Tab Scope



සරලව කිව්වොත් මේ Add-on එකෙන් පුළුවන් අපිට ඕන ටැබ් එක Click කරන්නැතුව ඒ ටැබ් එකේ තියන දේ Tool tip එකක් විදියට බලාගන්න..හරියට windows 7 වල Task bar එකේ වගේ ! පට්ට..


InstantFox



පින්තුරේ දැක්ක ගමන් ඕන බුවෙක් ට හිතාගන්න පුළුවන්නේ සිද්දිය මොකද්ද කියල..මේකත් පට්ට Address bar එකෙන් ම අපිට ඕන web site එකහරි අපිට ඕන දේ පට පට ගාල හොයාගන්න පුළුවන් !


Apture Highlights




මෙන්න තවත් පට්ට Add-on එකක්.. හිතන්න අපි මොකක් හරි දෙයක් ගැන ගොයාගන්න අදාළ page එකට ගියාට පස්සේ ඒ page එකෙත් තියන දෙයක් ගැන හොයාගන්න ඕනේ කියල....
අපි කරන්නේ වෙනම Tab එකක් Open කරලා search කරන එකනේ.. එත් මේ add-on එකෙන් පුළුවන් ඕන word එකක්‌ Select කරලා අපි ඉන්න page එක leave කරන්නේ නැතුව බලාගන්න..
තෙරුනාද මන්ද !



Awesome Screenshot



මෙන්න ඕන එකෙක්ට උපරිමට වැදගත් වෙන Add-on එකක්
අපිට Forum එකක් හරි
මොකක හරි අපේ Screen එකේ Print එකක් දාගන්න ඕන උනාම කරන්නෙ..
print Screen ගහල
paint වලට ගිහිල්ල
past කරලා
save කරලා
කොහෙට හරි Up කරලා link එක දෙන එකනේ..
එත් මේකෙන් අපිට පුළුවන් Print එක ගහල.. edit කරලා පට ගල එක click එකෙන් Upload කරලත් දාන්න..



Download Statusbar




මෙන්න තියනවා..මට නැතුවම බැරි Add-on එකක්..
අපි මොනවා හරි download කරනකොට එන Firefox Default Download box එක එන්නේ නැතුව අපි Download කරන ඒවා පෙන්නන්නේ States bar එකේ..ෆට්ට !

හරි හරි.. දැනට ඔය ටික ඇති..දැන් නම් නිදි මතයි..
ආ මේකත් දාන්නම්කො..



FXChrome


ඔක්කොම දැම්ම theme එකක් දැම්මේ නෑ නේ !
මේ තමා මම පාවිච්චි කරලා තියන හොදම Theme Firefox Theme එක..මීට‍ වඩා හොද එකක් තියන වනම් මටත් කියපන් හොදේ !

තව තියනවා අම්බානකට ටිකක් වැඩි වෙන්න..
එහෙනම් අපි ගියා.

Thursday, April 24, 2014

Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

අහන්න දෙයක් නෑ ඉතින් වැඩි තමා !
ගිගා බයිට් 7 පිරෙනකන් Emails එවන්න ඉන්නේ කවුද ?

ඔය නිකන් දෙන Space එක අපේ PC එකේ Hard Disk එකක් වගේ Use කරන්න තිබුනොත් පට්ට නේ !

මෙන්න තියනවා Solution එක !

Gmail Drive..



මේ Software එක Install කලාට පස්සේ My Computer වලට එනව මේ වගේ අලුත් Device එකක් !



ඊට පස්සේ මේ Drive එක Double Click කලාට පස්සෙ මේ වගේ Dialog එකක් එනව !



මේ Dialog box එකේ අපේ Gmail Address එකයි password එකයි ගහල OK කරන්න ඕනේ !



ලොග් උනාට පස්සෙ අපිට drive එක ඇතුලට ගිහින් ඕන files ටික Copy කරන්න පුළුවන් !



මෙන්න ලින්ක්ස් එක

http://adbla.us/7d459 (skip Ad)


තියන අවුල් ,

අවුල් අංක එක : Software එක Gmail Account එකට ලොග් වෙන Dialog box එක සමහර වෙලාවට Not Responding වෙනව !
එතකොට එක ගනන් නැතුව දිගටම තියන්න !

අවුල් අංක දෙක : මේ Drive එකට Copy කරන්න පුළුවන් 10 MB වලට වඩා අඩු Files විතරයි !

සමහරුන්ට හිතෙන්න පුළුවන් file sharing site එකක host කරනවනේ !
මොකටද මෙච්චර කට්ට කන්නෙ කියල ! එත අපි මොකක් හරි project එකක් කරද්දී ජීවිතෙට
file sharing site එකක හොස්ට් කරන්නේ යන්නේ නෑ නේ ! හදිස්සියේ වත් hard එකට Sorry.com උනොත්.
.

ඒකනිසා තමා මේක ගොඩක් අපිට වටින්නේ !


Normal ගේම් එකක් ගහගෙන ගෙන Site එකක්
Browse කරගෙන ඉන්න අයට නම් එච්චර වැදගත් නොවෙන්න පලුවන් ගොඩක් ම වටින්නේ Power Users ලට තමයි !

_____________________________________________

මේ ක්‍රමේ දිරවන්නෙ නැති අයට..
මේ තියෙන්නේ Fire Fox add on එකක්


http://adbla.us/iwftP (skip Ad)
මේකෙනුත් පුළුවන් ඕකම කරගන්න.. හැබැයි එකේ තියන අවුල තමයි NOT WORKING FOR FIRE FOX 4.0


කොහොමද post එක එළකිරි නේ ! තව ජිල්මාර්ට් ටිකක් තියනව පස්සෙ හිමීට ඒවත් දාන්නම්කො !

එහෙනම් අපි ගියා !

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes