Saturday, April 19, 2014

මාරු වෙමුද අලුත් එකකට.... Maxthon 3.0

ඔන්න අද කතා කරන්න යන්නේ මම පාවිච්චි කරන web browser එක ගැන...
එකේ නම maxthon...



සමහරු අහලත් ඇති, සමහරු අහල නැතුව ඇති,,,
මෙක free දෙන එකක්,
මම කලින් පාවිච්චි කලෙ chrome and firefox..
එත් එකඩවසක් මෙක දැකල මේක දා ගත්ත,,,
දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරන්නෙ මේක...
මට නම් හොදටම හිතට ඇල්ලුව....
මෙන්න මේ හේතු නිසයි මෙක හිතට ඇල්ලුවෙ,,,
සමහර විට මේවා අනිත් බ්‍රොව්සර් වලත් ඇති,,,
මම වැඩිය එව ගන දන් නෑ...

එහෙනම් පටාන් ගමු,,,,

මුලින්ම ඉතිහාසය පොඩ්ඩක් බලමු...
මේක චයිනා කෑල්ලක්...
මේකේ මුල්ම නම MyIE....
MyIE 1, MyIE 2 කියලා දෙක ආවට පස්සේ 2004 දි තමා Maxthon විදිහට ආවේ...


මේකේ දැන් තියෙන්නෙ version 3...
මේකේ විශේශත්වය තමයි මෙක dual engine browser එකක්,,,
මෙහෙමයි ඒක ගැන කියලා තියෙන්නේ...'

Maxthon 3 is knows for its speed, just like Chrome. Its UI is simple, clean and user friendly. It’s dual engine browser
– which means users can switch between WebKit (engine used in Chrome and Safari) and
Trident. Currently it’s Windows (XP/Vista/7) only browser.


මෙන්න මෙහෙමයි මෙකෙ home page එක එන්නේ,,,



මෙකෙ කෙලින්ම මෙහෙම එනව,
අනිත් එවගෙ අපි ඇඩ්ඩෝන් මගින් දාගන්න එපැයි...
මෙකේ අපි කැමති වෙබ් සයිට් සෝට් කට් විදිහට දාල තියා ගන්න පුලුවන්,,,,


දැන් මෙකෙ විශේශත්වය ගැන කතා කරමු,,,
අපි ගොඩාක් දෙවල් බූක්මාර්ක් කර ගන්නවනේ,,,,
මෙකෙ තියෙන්නේ add to favorite කියල option එකක්,,,



ඔය ඉස්සරහ තියෙන තරු ලකුන එබුවහම එක බුක්මාර්ක් කර ගන්න පුලුවන්,,,,

අනික අපිට කැමති විදිහට ඒවා manage කර ගන්න පුලුවන්...
මෙන්න මේ වගේ....



මේ නිසා අපිට කැමති විදිහට පිලිවෙලට folder හදලා මේව දා ගන්න පුලුවන්...

ඊලගට මේකේ tool bar එක පොඩ්ඩක් බලමු...



සමහර බටන් වල රූපය theme එකත් එක්ක වෙනස් වෙනවා.....

01. මේ තියෙන්නේ අපි ඔපන් කරන ටැබ් ටික,,
02. මෙකෙන් අපිට පුලුවන් maxthon forum එකට යන්න....
03. මේ තියෙන්නේ අපි දාගත්ත bookmark.. (favorite ),,, ඔනෙ නම් මෙතන පෙන්වන්න දාන්නත් පුලුවන්...
04. මෙක නම් දන්නවනෙ,,,go back and go forward
05. මෙකෙන් පුලුවන් අපි ලගදි ගියපු page (history) බලා ගන්න,,,
06. මේක නම් සැහෙන්න වටිනව... මෙකෙන් තම අපි අන්තිමට ක්ලෝස් කරපු ටැබ් එකේ ඉදලා පිලිවෙලට
ක්ලෝස් කරපු ටැබ් ටික ආපහු ගන්න පුලුවන්....
07. මෙකෙන් තමයි අපි book mark දා ගන්නේ....
08. මෙකෙන් පුලුවන් අපි search කරන විදිහ වෙනස් කරන්න..
09. මෙතනින් තමයි මෙනු එකට යන්නෙ.......

මේ ටික තමයි ටූල් බාර් එකෙ තියෙන්නෙ,,,


මීට අමතරව මේ ටිකත් ඔනෙ නම් ඇඩ් කර ගන්න පුලුවන්,,,



01. කහ පාටි දාල තියෙන්නේ ඇඩ් අයින් කරන එක,,,
ජීටී අයියගේ ඇඩ් ඔක්කොම මම අයින් කරන්නේ මෙකෙන් තමා....
සැහෙන data ප්‍රමානයක් ඉතිරි වෙනවා....

02. නිල් පාටින් රවුම් කරලා තියෙන්නේ right click lock blocker එක..
ඒ කියන්නේ සමහර සයිට් වල අපිට right click කරන එක තහනම් කරලනේ තියෙන්නේ.
මෙකෙන් පුලුවන් ඒ තහනම කඩන්න....

03. මෙකෙන් අපිට පුලුවන් අපි යන සයිට් වල පාස්වර්ඩ් සේව් කර ගන්න...



මෙන්න මේ වගේ....

04. මේකෙන් අපිට පුලුවන් අපේ screen එකේ පොටෝ එකක් ගන්න....

තව මීට අමතරව sticky note, translate, night mode වගේ ගොඩාක් වැදගත් ඔප්ශන් මෙකෙ තියෙනව....






මේ තවත් ටූල් ටිකක්....



01. පලවෙනි එකෙන් කරන්නේ ඇඩ් අයින් කරන එක,,,
මේකේ හොද තමයි අපි බලන සයිට් එකේ තියෙන ඕනෑම flash player එකෙන් රන් වෙන එකක් අපිට වෙනමම window එකක් විදිහට ගන්න පුලුවන්,,,

02. මෙකෙන් ඒ ඒ අදාල ටැබ් එකේ හඩ පාලනය කරන්න පුලුවන්,,,,

03. මෙකෙන් අදාල ටැබ් එකේ zoom in, zoom out කරන්න පුලුවන්,,,,




මේකත් සැහෙන්න වැදගත්...



මෙතනින් අපිට පෙන්වනවා අපේ download, upload speed, available physical memory, ip address, cpu usage වගේ විස්තර ගොඩාක්,,,,



මෙන්න තවත් වැදගත් එකක්....



මෙකෙන් අපිට පුලුවන් එකපාර screen දෙකක් තියා ගන්න....





මේකටම downloader එකකුත් එනව....





තව සැහෙන ජාති තියෙනවා මේකෙ,,
අපිට ඔනේ නම් browser එකට password එකක් දාන්නත් පුලුවන්....

මේකේ තියෙන අවාසි....

01. මේක ටිකක් බරින් වැඩි software එකක්...
ram එක ටිකක් වැඩි පුර ගන්නවා,,,,
ඒත් කවදාවත් මගේ නම් අවුලක් වෙලා නෑ....
හිරවෙන්නේ නෑ....

02. අර කට්ටිය වැඩ දාන, වෙබ් සයිට් එඩිට් කරන jawa script එක මේකට සපෝර්ට් කරන්නේ නෑ...

03. ගොඩාක් වෙලාවට අපි online ip hide කරන ඒවා මැකට වැඩ කරන්නේ නෑ,,
හැබැයි hide my ip, hot spot shield වගේ එවනම් තිතට වැඩ////


තව ගොඩාක් ඒවා තියෙනවා..
ඒවා මෙතනින් බලා ගන්න පුලුවන්...

http://propakistani.pk/2010/12/01/ma...er-from-china/

අනික මේකටම forum එකක් තියෙනවා,
එකෙන් අපිට ඕනම ප්‍රශ්නයක් විසදගන්න පුලුවන්...



ඉතින් හිතෙනවනම් මේක හොදයි කියලා මෙතනින් දාගෙන බලන්න...

http://adbla.us/apjl8


                                                            Download (click and skip Ad)


හොදයි කියලා හිතෙනවා නම් මොනව හරි කියාගෙන යන්න....

2 comments:

jasson98 said...

I am glad to see your blog post it is very helpful and very useful.Very nice article i read it fully its awesome, i really appreciate your post.
Vivo Z1 Lite price in Pakistan

Ethan Mathews said...

Check jazz call packages I found here.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes