Wednesday, April 9, 2014

Torrent බාගන්න හැටි(දන්නවනම් බලන්න එපා)

Torrent ? ලෝකයේ ජනප්‍රියම දුප්පත් අපගේ මිත්‍රත්ව තොරතුරු ගබඩාව. ටොරන්ට් වල මොකද වෙන්නේ කියල සැකවින් ඔබට කියන්නම්.
ලෝකයේ ජනප්‍රිය මෘදුකාංග, චිත්‍රපට, ගීත, Wallpapers, E - Books , Documents වැනි තොරතුරු ප්‍රවර්ග ගණනාවක එකතුවක් පෙළගස්වා ඇති තොරතුරු සංචිත සුවිශේෂී ජාල සේවාවක් ලෙස Torrents හඳුන්වා දෙන්න පුළුවන්. අලුතින් නිර්මාණය වන හැම දෙයක්ම Torrents වෙත එක් කිරීම සිදුවන නිසා Torrents හරහා භාගත කර ගැනීමෙන් අපට ලොව නිර්මාණය වන, ඇති - හැකි අය භාවිතා කරන, අත්විදින රසවිදින හැම දෙයක්ම පාහේ භාවිතයට ඉඩ හසර ලැබීම Torrents වල ඇති ප්‍රධානතම තාක්ෂණික වාසිය ලෙස පෙන්වා දිය හැකිය.

මෙම ක්‍රියාවලිය Torrents භාවිතා කරන සියල්ලන්ගේම දායකත්වයෙන් සිදුවන අතර, එක් අයිතමයක් භාගත කරන පිරිස වැඩි නම් එය සියලු දෙනා වෙත වැඩි වේගයකින් භාගත කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔබ යම් අයිතමයක් භාගත කිරීම අවසන් කර එය තවත් අයට භාගත කර ගැනීම උදෙසා ඔබ එය උඩගත වීමට අවසර ලබා දි තිබේ නම්, ඔබගේ Torrents භාගත කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා එය සුදුසුකමක් වේ. හැම දෙනාගේම සහයෝගයෙන් ප්‍රචාරණය වන මෙම සේවාව ඔබත් අත්හදා බලන්න. මෙහි ඇති සුවිශේෂිත්වය ඔබට එවිට මනාව වටහා ගනු හැකි වනු ඇති.

ටොරන්ට් බාගත කර ගැනීම සඳහා නිර්මිත මෘදුකාංග කිහිපයක් තිබෙනවා. ඒ අතුරින් Bit Torrent, Bit Comet, µTorrent ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන මෘදුකාංග වේ. එම මෘදුකාංග බාගත කරගැනීම සදහා පහත සබැදි භාවිතා කරන්න.

Bit Torrent
Bit Comet
µTorrent

මෙම මෘදුකාංග නම් වලින් වෙනස් උවද, ඒවා භාවිතා කරන අනුපිලිවෙල එක සමාන වේ.

මා මෙහි Bit Torrent ඇසුරින් Torrent එකක් බාගත කරන අයුරු ඔබට ඉදිරිපත් කරන්නම්.

පළමුවෙන්ම ඔබ ඉහත දි ඇති සබැදිය හරහා Bit Torrent මෘදුකාංගය බාගත කර Install කරගන්න.
ඉන්පසු, ඔබ පහතින් පල කර ඇති Torrent Search Engine එකකට ගොස් සෙවීමට අවශ්‍ය අයිතමයෙහි නම සදහන් කර සොයන්න.

[​IMG]

[​IMG]


[​IMG]

[​IMG]



[​IMG]


[​IMG]


ඉන්පසු පහත රුපයේ මෙන් ඊට අදාළ වන ටොරන්ට්ස් අඩංගු නාමාවලියක් ලැබේ.

[​IMG]


මෙහිදී ඉහත රුපයේ දැක්වෙන ලෙස අපට අවශ්‍ය වන්නේ එහි පහලින් පෙන්වන "4 Torrents" නම් කොටසයි. එහි දැක්වෙන්නේ අප සෙවූ දෙයට අදාළ ටොරන්ට් ෆයිල් වේ. මේ අතුරින් අපට වඩාත් ගැලපෙන ටොරන්ට් ෆයිල් එක තෝරා ගැනීමේදී පහත කරුණු පිලිබඳ ඔබ සැලකිලිමත් වීම වටී.

ටොරන්ට් ෆයිල් එකෙහි යොදා තිබෙන පරිශීලක ප්‍රතිචාර. ( Comments)
එහි ගුණාත්මක බව (එම තොරතුරු අතරින් ඔබට සොයා ගත හැකියි.)
එය පද්ධතියට එක් කර කොපමණ කලක් ගත වී ඇත්ද යන්න. ( ඉතා මෑත කාලයේ එක් කළ එකක් නම් ඔබට එය ඉතා පහසුවෙන් සහ ඉක්මනින් බා ගත කර ගත හැකි වේ.)
එම අයිතමය දැනට බාගත කරමින් සිටින අය ගණන (Leechers) - (මෙම ගණන වැඩි නම් වාසි සහගත වේ.)
එම අයිතමය දැනට උඩගත කිරීමට අවසර දි ඇති අය ගණන (Seeders) - (මෙම ගණන වැඩි නම් වාසි සහගත වේ.)
ඔබ මෘදුකාංගයක් බාගත කරන්නට යන්නේ නම් එයට Crack හෝ Serial Keys හෝ Patches ලබා දෙන්නේද යන්න. - (නොමිලයේ දෙන මෘදුකාංග වලට බොහෝදුරට මෙය අදාළ නොවේ. නමුත් මුදලට දෙන මෘදුකාංග සෙවීමේදී නම් මේ ගැන අනිවාර්යයෙන් සැලකිලිමත්වන්න. එවැන්නක් සෙවීමේදී "Software Name + Crack/Patch/Serial Key" ආකාරයට සොයන්න.)

මෙම කරුණු පිලිබඳ ඔබ තෘප්තිමත් නම් ඉන්පසු ඔබට එම ටොරන්ට් ෆයිල් එක අඩංගු වන අඩවි වල නාමාවලියක් Torrent Search Engine එක මගින් ලබාදෙයි. පහත රූපය බලන්න.

[​IMG]


ඉන්පසු, එම අඩවි අතුරින් එකකට ගිය පසු පහත පරිදි ලැබෙන වෙබ් පිටුවෙන්, Torrent File එක බාගත කරගන්න.

[​IMG]


එය බාගත වූ පසු Open කරගන්න, එවිට ස්වයක්‍රියවම එය ඔබ Install කළ Torrent Software එක මගින් විවෘත වේ.

[​IMG]

[​IMG]

ඉන්පසු පහත දැක්වෙන රූප රාමු පරිදි භාගත වීම ආරම්භ වනු ඇති.

[​IMG]

1 comments:

Blogger said...

Submit your blog or website now for listing in Google and 300+ search engines!

Over 200,000 sites indexed!

Submit RIGHT NOW with I NEED HITS!

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes