Friday, April 25, 2014

මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

My Best Firefox Add-ons



අපේ කස්ටිය Firefox Add-ons ගැන කියල දාන Treads ටිකක් දැකලයි මටත් නුලක් අබරන්න හිතුවේ..



කස්ටිය දැනටමත් ගොඩක් Add-ons පාවිච්චි කරනවා ඇති..
Foxy-Proxy, Download them All, Add Blocker, Grease Monkey වගේ තවත් Add-ons ඕන තරම් පාවිච්චි කරලා ඇති..
ඒක නිසා මම ඒව ගැන කියන්න යන්නේ නෑ..

මේ තමයි මම පාවිච්චි කරන Firefox Rock කරලා ගන්න පුළුවන්
Add-ons.. පෙරේතකමක් නැතුව කුට්ටිය පිටින්ම..


Tab Scope



සරලව කිව්වොත් මේ Add-on එකෙන් පුළුවන් අපිට ඕන ටැබ් එක Click කරන්නැතුව ඒ ටැබ් එකේ තියන දේ Tool tip එකක් විදියට බලාගන්න..හරියට windows 7 වල Task bar එකේ වගේ ! පට්ට..


InstantFox



පින්තුරේ දැක්ක ගමන් ඕන බුවෙක් ට හිතාගන්න පුළුවන්නේ සිද්දිය මොකද්ද කියල..මේකත් පට්ට Address bar එකෙන් ම අපිට ඕන web site එකහරි අපිට ඕන දේ පට පට ගාල හොයාගන්න පුළුවන් !


Apture Highlights




මෙන්න තවත් පට්ට Add-on එකක්.. හිතන්න අපි මොකක් හරි දෙයක් ගැන ගොයාගන්න අදාළ page එකට ගියාට පස්සේ ඒ page එකෙත් තියන දෙයක් ගැන හොයාගන්න ඕනේ කියල....
අපි කරන්නේ වෙනම Tab එකක් Open කරලා search කරන එකනේ.. එත් මේ add-on එකෙන් පුළුවන් ඕන word එකක්‌ Select කරලා අපි ඉන්න page එක leave කරන්නේ නැතුව බලාගන්න..
තෙරුනාද මන්ද !



Awesome Screenshot



මෙන්න ඕන එකෙක්ට උපරිමට වැදගත් වෙන Add-on එකක්
අපිට Forum එකක් හරි
මොකක හරි අපේ Screen එකේ Print එකක් දාගන්න ඕන උනාම කරන්නෙ..
print Screen ගහල
paint වලට ගිහිල්ල
past කරලා
save කරලා
කොහෙට හරි Up කරලා link එක දෙන එකනේ..
එත් මේකෙන් අපිට පුළුවන් Print එක ගහල.. edit කරලා පට ගල එක click එකෙන් Upload කරලත් දාන්න..



Download Statusbar




මෙන්න තියනවා..මට නැතුවම බැරි Add-on එකක්..
අපි මොනවා හරි download කරනකොට එන Firefox Default Download box එක එන්නේ නැතුව අපි Download කරන ඒවා පෙන්නන්නේ States bar එකේ..ෆට්ට !

හරි හරි.. දැනට ඔය ටික ඇති..දැන් නම් නිදි මතයි..
ආ මේකත් දාන්නම්කො..



FXChrome


ඔක්කොම දැම්ම theme එකක් දැම්මේ නෑ නේ !
මේ තමා මම පාවිච්චි කරලා තියන හොදම Theme Firefox Theme එක..මීට‍ වඩා හොද එකක් තියන වනම් මටත් කියපන් හොදේ !

තව තියනවා අම්බානකට ටිකක් වැඩි වෙන්න..
එහෙනම් අපි ගියා.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes