Wednesday, April 9, 2014

Internet බ්‍රවුසර් Shortcuts ඇවිත් බලන්න


අද මම කියල දෙන්න හදන්නෙ බොහොම වටින Internet Shortcuts ටිකක් ගැන..මේ Shortcuts ඕනෑම වෙබ් බ්‍රවුසර් එකක වැඩ කරන Common Shortcuts ටිකක්..මම ඒකෙන් අදහස් කරේ බොහො දෙනෙක් භාවිතා කරන වෙබ් බ්‍රවුසර් පිලිබදව..( Firefox,Google Chrome,Internet Explorer ) වගේ ඒවා.. ඉතින් මේ Shortcuts භාවිතා කරලා ඔයාගෙ වැඩ වැඩි කාර්යක්ශම බවකින් යුතුව කරගන්න පුලුවන්..
Web Browser එකේ Tab භාවිතා කිරීමේදී යොදාගත හැකි Shortcuts
Ctrl+1 සිට 8 දක්වා - වම් පස සිට 1 සිට 8 දක්වා ඇති සියලුම Tabs වලට පිවිසීමට
Ctrl+9 - අවසන් වතාවට භාවිතා කල Tab එකට පිවිසීමට
Ctrl+Tab - දකුනු පස සිට පිලිවෙලින් Tab එකින් එකට පිවිසිමට
Ctrl+Shift+Tab - ඊලගට වම් පසින් ඇති Tab එකට පිවිසීමට
Ctrl + W හෝ Ctrl+F4 - විවෘතව ඇති Tab එක Close කිරීමට
Ctrl+Shift+T - අවසානයට Close කර Tab එක නැවත Open කිරිමට
Ctrl+T - අලුත් Tab එකක් විවෘත කර ගැනිමට
Ctrl+N - වෙබ් බ්‍රවුසර් එකෙහි නව Window එකක් විවෘත කර ගැනිමට
Alt+F4 - දැනට විවෘතව ඇති Window එක Close කිරීමට
Middle Mouse Button එකෙන් Tab එක මත ක්ලික් කිරීමෙන් එම Tab එක Close කරගත හැක
ලින්ක් එකක් මත Ctrl + Left click කිරීමෙන් එම ලින්කුව වෙනත් Tab එකකින් Open කරගත හැක
Navigation , Zooming සහ Scrolling ආශ්‍රිත Shortcuts
Alt+Left Arrow හෝ Backspace - පසු පසට යාම
Alt+Right Arrow හෝ Shift+Backspace - ඉදිරියට යාමට
F5 - page එක reload කිරිමට
Ctrl+F5 - මුලු web අඩවියම Reload කිරිමට.
Esc - Page එකක් Load විම නැවැත්විමට.
Alt+Home - Homepage එක Open කිරිමට
Ctrl සහ + මගින් හෝ Ctrl Button එක Press කරගෙන Mouse Wheel එක ඉහලට කැරකැවීමෙන්
Ctrl සහ - මගින් හෝ Ctrl Button එක Press කරගෙන Mouse Wheel එක පහලට කැරකැවීමෙන්
Ctrl + 0 - මගින් වෙනස් වූ විශාලනයන් යතා තත්වයට පත් කරගැනීමට
Home - බටන් එක භාවිතා කර වෙබ් පිටුවේ ඉහලටම පැමිනීමට හැක
End - බටන් එක භාවිතා කර වෙබ් පිටුවේ පහලටම පැමිනීමට හැක
Search කිරිම් වලදි සහ වෙනත් අවස්තාවන්හි භාවිතා කල හැකි Shortcuts
Ctrl + F - In Page Search Box එක විවෘත කරගැනීම
Ctrl + J - Download History page එක open කිරිමට
Ctrl + D - දැන් open කර ඇති website එක Bookmark කර ගැනිමට
Ctrl+H - Browsing History page එක open කිරිමට
Ctrl + Shift + Del - Clear Browsing History Window එක open කර ගැනිමට
Ctrl + P - දැනට විවෘත්තව page එක print කර ගැනිමට
Ctrl + S - දැනට විවෘත්තව ඇති page එක Save කර ගැනිමට
Ctrl + O - computer එකේ file එකක් open කිරිමට
Ctrl + U - දැනට විවෘත්තව ඇති page එකේ Source Code එක open කර ගැනිමට
F12 - Developer Tools open කර ගැනිමට.
Ctrl + L - Address Bar එකට Mouse Pointer එක ගෙනයාමට
ඔන්න එහෙනම් Shortcuts ගොඩක් කිව්වා..හිතල බලන්නකෝ ඔයාල හෙන ගේමක් දීල කරන දේවල් කොච්චර ලේසියෙන් කරගන්න පුලුවන්ද කියලා...වැදගත් උනා කියල හිතෙනව නම් ලයික් කමෙන්ට් එකක් දාලම යන්න යාලුවනේ...දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න..එහෙනම් ඔන්න මම ගියා... :-D

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes