Monday, April 21, 2014

Keyboard එකෙන් Mouse එක පාලනය කරමු

තමන්ගේ මෞස් එක හරියට වැඩ කරන්නේ නැද්ද? එහෙම නැත්තම් ආසාවටත් එක්ක අපි කීබෝර්ඩ් එකෙන් මෞස් පොයින්ටරය පාලනය කරමුද? එහෙනම් මම මේ කියන වැඩේ කරලා බලන්න..

XP තියන අයට වෙනම විදිහකුත් Vista/7/8 අයට වෙනම විදිහකුත් තියෙනවා..

මුලින් කියන්න යන්නේ මම XP පාවිච්චි කරන අයට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා


  1. මුලින් යන්න Control Panel එකට..
  2. ඊටපස්සේ Switch to Classic View කියන එක ක්ලික් කරන්න.
  3. ක්ලික් කරන්න Accessibility Options කියන එක.
  4. ඊටපස්සේ Mouse කියලා තියෙන Tab එක ඔබන්න.
  5. Use MouseKeys කියන එකට හරියක් දාන්න.
  6. Apply කරලා OK කරන්න.[​IMG]
  7. ඊටපස්සේ NumberLock ඕන් කරන්න (කීබෝර්ඩ් එකේ Num Lock බොත්තම ඔබලා).
  8. එහෙම ඕන් කරාම පොඩි බීප් සද්දයක් ඇහෙවී.
  9. දැන් වැඩේ හරි දැන් ඕගොල්ලන්ට පුළුවන් Number Pad එකේ තියෙන Arrow Keys වලින් මෞස් පොයින්ටරය එහාට මෙහාට අරන් යන්න...


    දැන් කියන්න යන්නේ Vista/7/8තියෙන අය කොහොමද මේ වැඩේ කරන්නේ කියලා..
    1. කීබෝර්ඩ් එකේ Start බොත්තම් ඔබලා Control Panel එක ක්ලික් කරලා ඉන්පස්සේ Ease of Access Center කියන එකට යන්න.
    2. ඊටපස්සේ එකේ ඇති Make the mouse easier to use කියලා එකක් එක ක්ලික් කරලා එකට යන්න.
    3. ඊටපස්සේ Control the mouse with the keyboard කියන එකට යටතේ ඇති Turn on Mouse Keys කියලා ඒකට හරියක් දාලා Apply කරලා OKකරන්න.
    4. දැන් කලින් XP එකේදී කරා වගේම Number Lock ඕන් කරලා Number Pad එකේ තියෙන Arrow Keys වලින් මෞස් පොයින්ටරය එහාට මෙහාට අරන් යන්න.


    * පොයින්ටරය එහාට මෙහාට යන වේගය මදි වගේ නම් 3 වෙනි ක්‍රියාව කරපු හරියේ ඇති set up Mouse Keys කියලා එතනින් තමන්ට අවශ්‍ය විදිහට හදාගන්න

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes