Tuesday, March 11, 2014

Pen Drive එකේ Icon එක වෙනස් කරගන්න.....


ඔන්න මමඅද කියන්න යන්නේ  pen drive එකක, hard එකක partition වල, එතකොට ඔය removeble disk වල එහෙම ICON එක වෙනස් කරන හැටි තමයි.දැන් එහෙනම් වැඩේ කරන හැටි බලමු.

මුලින්ම ඔයාට දාන්න ඕන icon file එක තෝරා ගන්න.
ඊටපස්සේ කරන්න ඕනේ මේකයි. මම මේ පහළ දාලා තියෙන ටික note pad එකක් open කරලා copy & paste කරගන්න. හොදද?

[autorun]
Label=sitmoneylot
Icon=usb_icon.ico

මතක තියාගන්න යාලුවනේ ඕකේ ඔය sitemoneylot කියන්නේ ඔයාට drive එකට දාන්න ඕන නම හොදද?
එතකොට  usb_icon.ico කියන්නේ  icon file එකේ නම. හොදට මතක තියාගන්න යාලුවනේ icon file එකේ අගට .ico කියලා තියෙන්න ඕනා. දැන් ඔය note pad එක මෙහෙම save කරගන්නකෝ......autorun.inf

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔය save කරගත්ත note pad එකයි icon file එකයි දෙකම ඔයාට වෙනස් කරගන්න ඕන drive එක open කරලා paste කරගන්න.
ඊට පස්සේ ඒ දෙකම hidden කරගන්නකෝ..........
දැන් refresh කරලා බලන්නකෝ ලස්සන.
මතක තියාගන්න යාලුවනේ removeble disk එකක්නම් ඒක ආයිත් machine  එකෙන් ගලවලා ආයිත් plug  කරන්න ඕනා. එතකොට තමයි ඒක වැඩ කරන්නේ.....

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes