Wednesday, March 19, 2014

Online TV/Radio channels 1000+ (නාලිකා 1000 ටත් වඩා නොමිලේ නරඹන්න)

අන්තර්ජාලය හරහා රූපවාහිනිය නැරඹීමේ ප‍්‍රවණතාවය එන්න එන්නම වැඩි වෙනවා. ගොඩක් වෙලාවට මේක කරන්නෙ ඒ ඒ නාලිකාවේ මුල් පිටුව හා සම්බන්ධ වීමෙන්. කරන අය දන්නවනෙ මේක කරදරයි. මේකට විසදුමක් විදියට ටීවී ප්ලේයර් තියෙනවා. හැබැයි අවුලක්. මේකෙන් ඒ රටේ නාලිකා ටික තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. එතකොට අපිට පිට රට නාලිකා වගේ ඒව බලන්න කරදරයි. මේ කරදරයට නියම විසදුමක් තියෙනවා.

මේක ප්ලේයර් එකක්. සොෆ්ට්වෙයා එකක්. අපේ පරිගණකයට ස්ථාපනය කරගන්න වෙනවා. අපිට නාලිකා නැරඹීමට නම් අන්තර්ජාලය හා සම්ඹන්ධ වී සිටීම අනිවාර්‍ය වෙනවා. මේකෙන් විවිධ රටවල නාලිකා 1000– තියෙනවා. අපේ ලංකාවෙ ඒවත් එක්කම. 

මෙමගින් කැමති රටක කැමති වර්ගීකරණයක නාලිකාවක් නැරඹීමේ හැකියාව තියෙනවා. භැඅලෑබඑැරඒසබපැබලීචදරඑි වගේ අංශ ගොඩක් මීට අයත්. වැදගත්ම දේ මේක මගින්  ඕනි දෙයක් රෙකෝඞ් කිරීමේ හැකියාවත් තියෙනවා. රූපවාහිනී නාලිකා මෙන්ම ගුවන්විදුලි නාලිකා ද මේකෙ අන්තර්ගතයි. තව ගොඩක් පහසුකම් මේ යටතේ  බලාගන්න පුලූවන්. මේක ලෝකය පුරාම ලබා දෙන සේවාවක් නිසා වැඩිහිටියන්ට පමණක් සීමා වූ නාලිකාද අන්තර්ගතයි. අපේ කොල්ලො නම්  ඕව පස්සෙ යන්නෙ නෑ. පොඩි ලමයින්ටයි කෙල්ලොන්ටයි මේක පාවිච්චි කරන්න දෙනවා නම් මෙන්න මෙහෙම කරන්න. 

මුලින්ම මේ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්න. 

http://www.readonplayer.com/download/setupTV.zip

ඩවුන්ලෝඩ් කරගෙන 
https://www.virustotal.com
මේකෙන් වයිරස් ස්කෑන් කරගන්න.

දැන් ඒක ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරල  ඕපන් කරගන්න.  ඕපන් කරගෙන File-->Settings-->Adult filter  කියන ටැබ් එකට යන්න. දැන් එතන කැමති පාස්වර්ඞ් එකක් දීල ඒක තහවුරු කරල සේව් කරගන්න. එතකොට පොඩි ලමයින්ට අනවශ්‍ය ඒව බලන්න බෑ. 

සාමන්‍ය අන්තර්ජාල වේගයක් යටතේ මේක හොදින් ක‍්‍රියාත්මක වෙනවා. අප්ඬේට්ඉල්ලූවම අප්ඬේට් කරන්න. එතකොට අලූත් නාලිකා එකතු වෙනවා. බලන හැටි කියල දෙන්න  ඕනි නෑ. රට තෝරලා,  ඕනි වර්ගය තෝරලා,  ඕනි චැනල් එක උඩ රයිට් ක්ලික් කරලා ප්ලේ කරන්න. 

image

හැමෝටම මේක කරගන්න පුලූවන්.  අවුලක් වෙන්නෙ නෑ. කවුරුත් අපහසුතාවයට පත් කරන්නෙ නැතිව තෝරලා බේරලා මේක පාවිච්චි කරන්න.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes