Thursday, March 20, 2014

සියලුම cloud storage එක තැනක සිට බාවිතා කල හැකි “multcloud” සේවාව


Cloud Storage එකක් කියන වචනය ඔබට අලුත් දෙයක් නෙවෙයි. නොමිළේ ලබාදෙන Google Drive, Dropbox, SkyDrive, Box වැනි ප්‍රදාන පෙලේ cloud storage සේවාවන් ඔබ අතරේ බෙහෙවින් ජනප්‍රියයි. අනිවාර්යෙන්ම ඔබත් විවිද අවස්‍යතාවයන් සදහා මෙවැනි cloud storage සේවාවන් අඩුමතරමේ එකකට වඩා වැඩි ප්‍රමාණයක් බාවිතා කරන බව මට විස්වාසයි. ඔබ බාවිතා කරන cloud storage සේවාවන් තමන්ට අවශ්‍ය විදියට කළමනාකරණය කරගැනීම සදහා එකිනෙක ගිණුම් වලට වෙන වෙනම login විය යුතුයි. නමුත් ඔබ බාවිතා කරන සියලුම cloud storage එකම තැනක සිට තමන්ට අවශ්‍ය විදියට එක් තැනක සිට හැසිරවිය හැකි නම් එය ඔබට ගොඩක් පහසු කටයුත්තක් වේවි නේද? ඉතින්, මෙම අවස්‍යතාවය හදුනාගත් AOMEI Tech සමාගම මෙම ගැටලුවට විසදුම් ලෙසින් අපූරු සේවාවක් “MultCloud” නමින් මෑතකදී හදුන්වා දෙනු ලැබුවා.
image
This image has been resized to fit in the page. Click to enlarge.

ඔබේ සියලුම cloud storage සේවාවන් එකම තැනක සිට ඔබට අවශ්‍ය විදියට පාලනය කිරීමට MultCloud සේවාව සමගින් දැන් ඔබට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අනෙක් වැදගත් කාරණය නම්, මෙම MultCloud සේවාව සම්පුර්ණයෙන්ම නොමිළේ ලබාගත හැකි සේවාවක්. මෙය ඉතා ආරක්‍ෂිත වගේම විස්වාසවන්ත සේවාවක්.
දැනට මෙම MultCloud සේවාව Dropbox, Google drive, Box.net, SkyDrive, Amazon Cloud Drive, SugarSync යන ප්‍රදාන පෙලේ cloud storage සේවාවන් රැසක් සදහා සහය දක්වනවා. එකම සේවා දායකයෙකු යටතේ ඔබ සාදාගන්නා ගිණුම් කිහිපයක් උනත් MultCloud වෙත එකතු කරගැනීමට මෙම සේවාව හරහා ඔබට ඉඩකඩ ලබාදී තිබෙනවා. උදාහරණයක් ලෙස අපි මෙහෙම හිතමු, ඔබ දන්නවා Dropbox සේවාව මගින් එක් ගිණුමක් සදහා 2GB ප්‍රමාණයේ ඉඩකඩක් නොමිළේ ලාබාදෙනවා. එසේ සාදාගත් ගිණුම් කිහිපයක් ඔබ සතු වේනම් ඔබට පුළුවන් කම තිබෙනවා එම Dropbox ගිණුම් කිහිපයම MultCloud වෙත එකතු කරගන්නට. එලෙසින් ඔබ Dropbox ගිණුම් 5 ක් MultCloud සේවාවට එක් කර ගත් විට 10GB ක ඉඩකඩක් ඔබ සතු වෙනවා. එම 10GB ම එකම තැනක සිට ඔබට අවශ්‍ය අයුරින් හැසිරවීමට MultCloud සමගින් ඔබට හැකියාව තිබෙනවා. ඊට අමතරව ඔබ සතු Google Drive, SkyDrive වැනි අනෙකුත් cloud storage සේවාවනුත් MultCloud වෙත එක් කරගැනීමෙන් විශාල ඉඩකඩක් ඔබට ලැබෙන අතර, මා පෙර සදහන්කලා මෙන් ඉ සියලුම ඉඩකඩ එකම තැනකදී, එක් ගිණුමක් යටතේ ඔබට අවශ්‍ය ලෙස පාලනය කිරීමට MultCloud සමගින් ඔබට පුළුවන්. ඔබේ files පහසුවෙන් edit කරන්න, ඔබ එකතු කරගෙන ඇති cloud storage සේවාවන් අතරේ පහසුවෙන් files වෙන තැනක සිට තවත් තැනකට ගෙනයන්න, අවශ්‍ය පුද්ගලයින් අතරේ ඔබේ files share කරන්න වැනි පහසුකම් රැසක් MultCloud සේවාව මගින් ඔබට ලබාදී තිබෙනවා. ඒ වගේම MultCloud සේවාව ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් බාවිතා කල හැකි ඉතා පහසු web interface එකකින් සමන්විතයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම MultCloud සේවාව කියන්නේ ඔබ කාටත් ඉතාමත්ම ප්‍රයෝජනවත් සේවාවක්.
MultCloud සේවාව ඔබට ප්‍රයෝජනවත් වෙවියි කියා ඔබ සිතනවානම් , ඔබට පුළුවන්  MultCloud වෙබ් අඩවිය වෙත ගොස් ගිණුමක් සදහා නොමිලේ ලියාපදිංචි වෙන්නට. 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes