Wednesday, March 19, 2014

Hack වුනු Facebook ගිණුම නැවත ලබාගමු.


image





facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි වලට
ලෝකයේ වැඩි පිරිසක් දැඩිව ඇබ්බැහි වී සිටිනවා. ඔවුන් කොතනක සිටියත් සැමවිටම
උත්සහ කරන්නේ facebook සමග නිතර සම්බන්ධ වී සිටීමටයි. එතරම් ආදරයෙන්
පරිහරණය කරන facebook ගිණුම යම් පුද්ගලයෙකු විසින් hack කරනු ලැබුවොත්
ඔවුන් කෙතරම් මානසිකව අද වැටෙනවාද? සමහර විට ඔබේ facebook ගිනුමත් hack වී
තිබෙනවා වෙන්න පුළුවන්. මෙම ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නේ එලෙස hack
වුනු facebook ගිණුමක් නැවත ලබා ගන්න විදිය පිළිබඳවයි. 





Hack වුනු facebook ගිණුමේ බලය නැවත ඔබේ අතට අරගැනීම








ඔබේ facebook ගිණුම යම් පුද්ගලයෙකු විසින්
hack කර තිබෙනවා නම් එම facebook ගිණුමෙහි බලය නැවත ඔබේ අතට අරගනීමට
හැකියාව තිබෙනවා මෙම පහත තිබෙන උපදෙස් පිළිපැදීමෙන්. 






පියවර 1මෙම පහත තිබෙන ලින්ක් එක ක්ලික් කර එම වෙබ් අඩවියට පිවිසෙන්න 

















පියවර 2ඉහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් පැමිණෙන වෙබ් අඩවියේ තිබෙන (My Account Is Compromised) කියන option එක මත කිලික් කරන්න. 













image
This image has been resized to fit in the page. Click to enlarge.




පියවර 3 ඔබේ
facebook ගිණුම සඳහා පෙර  භාවිතා කරන ලද දුරකථන අංකය හෝ email ලිපිනය
මෙහිදී ඔබ ඇතුලත් කල යුතු වෙනවා.  එසේත් නොමැතිනම් ඔබට පුළුවන් ඔබේ
facebook ගිණුමේ සම්පූර්ණ නම ඇතුලත් කිරීමට. එලෙස අඩාල තොරතුරු ඇතුලත් කර
search කිරීමේදී ඔබට දැකගන්නට ලැබේවි ඔබේ account එක. 







image







පියවර 4 ඔබේ
ගිණුම් hack කරනු ලැබූ පුද්ගලයා අනිවාර්යයන්ම password එක වෙනස් කරනවා ,
නමුත් මෙහිදී ඔබට හැකියාව තිබෙනවා ඔබ විසින් ඔබේ ගිණුමට ලොග් වීමට පෙර
භාවිතා කරන ලද කුමක් හෝ password එකක් ඇතුලත් කීරීමට. facebook විසින්
මෙලෙස ඔබේ පැරණි password මතක තබා ගෙන සිටීමට ඉතාමත් වටිනා බව ඔබට අවභෝධ
වෙන්න ඇති. එම password එක ඇතුලත් කර continue බටන් එක ක්ලික් කරන්න. 




image







පියවර 5 ඔබ
නිවැරදිව password එක ලබා දුන්නානම් ඔබට හැකියාව තිබෙනවා ගිණුමේ ආරක්ෂාව
සදහා අලුත් password එකක් දැමීමට. ඒ සදහා continue බටන් එක ක්ලික් කරන්න. 








පියවර 6 දැන් අලුත් passwwod එක ඇතුලත් කරන්න. 








පියවර 7දැන් ඔබ සාර්ථකව ඔබේ hack වුනු ගිණුමට ඇතුළු වී තිබෙනවා. 











මෙන්න මේ විදියට ඔබට
හැකියාව තිබෙනවා ඔබේ පාලනයෙන් තොර වූ යම්කිසි පුද්ගලයෙකු විසින් hack කරන
ලද ඔබේ ගිණුමේ බලය නැවත ඔබේ අතටම අරගැනීමට.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes