Monday, February 24, 2014

MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?

image
ගොඩක් දෙනෙක් දැන් MoneyBookers හෙවත් Skrill පාවිච්චි කරනවනේ. කොහොමද MoneyBookers හෙවත් Skrill වලින් සල්ලි අතට ගන්නේ කියලා ඔයාලට ගැටලුවක්නම්. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. 

මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. 
නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා.

හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. 
දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.
HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.
බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. 
ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන්  බලලා දාන්න. 
Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.

ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. 
ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.

දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.

image
image

කවුරුහරි ක්යන්නකෝ HNB බැංකු ගිණුමකට MoneyBookers හෙවත් Skrill  හරහා සල්ලි ගන්නකොට කීයක් විතර කැපුනද කියලා. දවස් කීයකින් සල්ලි එනවාද?එකවර වැඩි ගානක් ගෙන්න ගන්න එක අපිට ලාබයි. එතකොට Skrill transaction fee එකක් යන්නේ එක සැරයයි. මම HSBC, සම්පත් බැංකුව, HNB, commercial bank, ලංකා බැංකුව (BOC) කියන බැංකු වල account වලට සල්ලි ගෙන්නලා චෙක් කළා. අපිට වාසිම ලංකා බැංකුවට සල්ලි ගෙන්නන එක. කිහිප වාරයක් BOC එකට සල්ලි ගෙන්න ගත්තම අපිට BOC එකේ RFC Account එකක් open කරන්න පුළුවන්. එතකොට කීයක්වත් කැපෙන්නේ නෑ. වැඩකරන දවස් 1-2 ඇතුලත සල්ලි අපේ account එකට බැර වෙනවා. $ එක වැඩිම දවස බලල සල්ලි ගත්තම හරි.

MoneyBookers  ගැන ඔනා දෙයක් අහන්න....ගැටලු තියා ගන්න එපා ....එහෙනම් මම ගියා.............

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes