Thursday, February 20, 2014

ඇඩ්මින් පාස්වර්ඩ් එක අමතක උණොත්...ලොග් වෙලත් හමාරද..?

ඇඩ්මින් පාස්වර්ඩ් එක අමතක උණොත්...ලොග් වෙලත් හමාරද..?




ඇත්තටම ඇයි ඔයාලා පාස්වර්ඩ් දාගෙන කොම්පියුටරේ පාවිච්චිකරන්නෙ...?  ආරක්ෂාවටද...? ඇඩ් එකටද...? නැත්නම්.....වෙන මොකක් හරි අමාරුවකටද...? මේ ජිල්මාට්ස් නම් ඉතින් හැම වෙලේම ඇඩ් එක කෙසේ වෙතත් ආරක්ෂාවනම් ටිකක් බලනව..ඒකනෙ පොකැට්ටුවෙත් ආරක්ෂක ටූලස් තියෙන්නෙ.. ;)  මේකාලෙ ආරක්ෂාව නැතිවම බැහැනෙ..මොන වෙලේ වයිරස්... සතුරු ප්‍රරහාර කියන්න බැහැනෙ..
අපෙ ලොක්කයියත්, ආරක්ෂාව උපරිමෙන්ම බලනවද කොහෙද... ඒකනෙ ඊයෙ හවස පාස්වර්ඩ් එක අමතකයි මල්ලියො මොකද කරන්නෙ කියාගෙන ආවෙ.. 
මෙහෙම සීන් එකක් උණොත් මොකද කරන්නෙ...? ෆෝමැට් කරනවද...? පාස්වර්ඩ් කටර් එකක් දාගෙන දගලනවද...? ඔය ක්‍රරම දෙකම හරි... ඒත්... මේ ජිල්මාට්ස්ට ඕන වෙනසක් නෙ..
සරලම ක්‍ර‍රමයකින් මේ ජිල්මාට්ස් ඕකට ජිල්මාට් එකක් දැම්ම...
අයියගෙ හාඩ්(hard) එක ගලවගෙන ඇවිත්. වෙන කොම්පියුටර් එකකට හයි කලා.. හැමදාටම නෙවෙයි හලෝ විනාඩි 5කට.. කොම්පියුටර් එක ඔන් කලේ ලොක්කයියගෙ හාඩ් එකෙන් නෙවෙයි  හැබැයි.. තිබුණ එකෙන්.. ඒක කරගන්න දන්නවද...? කොම්පියුටර් එක ඔන් කරද්දිම බයොස් ඕපන් කරල බූට් ඔප්ෂන් වලින් බූට් ප්‍ර‍යෝරිටි හැදුව..  
මොකක්... බයොස්...?  ජිල්මාට්ස් ඕව දන්නවට අපි දන්නවැයැ කියල උඹල හිතයි.. ඕන් එහෙනම් උඹලත් දැනගනින්.. දැකල තියනවද කොම්පියුටර් එක ඔන් කරද්දි සෙට්ටප් කියල ඔප්ෂන් එකක් එනව.., ගොඩක් කොම්පියුටර් වල F2 කී එක තමයි Enter තියෙන්නෙ අන්න ඒක තමයි ඔය බයොස් කියල හැමෝම කියවන්නෙ.. ඒකෙන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්.. අනිත් ඒවත් ඉතින් මේ ජිල්මාට්ස්ගෙන් ඉගෙනගන්න පුලුවන් වෙයි ඉවසපල්ලකො.  එකක් තමයි මේ බූට් ප්‍රයෝරිටි චේන්ජ් කරනව කියන්නෙ..
ඉන්පස්සෙ...
ලොක්කයියගෙ හාඩ් එක ඕපන් කරලා..
ඒකෙ :
1.  Windows > System32 > Config
ඒකෙ තියනව.. SAM.exe , SAM.log මේ දෙකම delete කරල දාල ලොක්කයියගෙ හාඩ් එක  එයාගෙ කොම්පියුටර් එකට ෆිට් කරල ඔන් කලා...  මේන්.. පාස්වර්ඩ් එන්ටර් කරන්නෙ නැතිවම ලොග් උණා...

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes