Thursday, February 6, 2014

HootSuit ගැන දන්නවද ??? [Social Media Dashboard for you]



 
 
HootSuit... මේ මොකක්ද?
ගොඩක් දෙනෙක්ගෙන් මේ ගැන ඇහුවම ලැබෙන ප්‍රතිචාරය තමයි මේ

බය වෙන්න එපා.. HootSuit කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි
Social Media Dashboard එකක් තමයි HootSuit කියන්නෙ
කෙටියෙන් කිවුවොත් අපේ තියෙන ඔක්කොම social media profiles/accounts එක තැනකට කරල තියාගෙන කරන්න පුලුවන් භාන්ඩයක්

මේක හරිම ලේසියි
ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත්
විශේෂයෙන්ම Facebook, twitter, Linkedin, Foursquare වගේ ගොඩක් social media accounts භාවිතා කරන අයට වගේම මොකක් Facebook හරි Twitter හරි Fan page එකක හෝ Facebook group එකක Admin කෙනෙක් වෙලා ඉන්න අයට මේක ගොඩාක් වැදගත්

මම නම් මේකෙ ලොකුම වාසිය හැටියට දකින්නේ Scheduled status updates !

එහෙනම් මම කියදෙන්නම් HootSuit account එකක් හදාගෙන වැඩේට බහින්නේ කොහොමද කියලා

මුලින්ම යන්න මෙන්න මේ site එකට




බය වෙන්න එපා මේක 100% විශ්වාසවන්ත site එකක්
දැනටමත් ලෝකයේ දැවැන්ත සමාගම් ගොඩක් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට එක පාවිච්චි කරනවා

දැන් මෙන්න මේ විදියට basic free plan එකෙන් sign up වෙන්න





ඊට පස්සෙ මෙන්න මේ වගේ window එකක් open වෙයි





එතනින් ඔයාලට පුලුවන් කැමති social media account එක HootSuit එකට connect කර ගන්න
මම මෙතනින් facebook එක තෝරගන්නම්

එක තෝරගත්තට පස්සේ එකෙන් අහනවා HootSuit එකත් වැඩ කරන්න add කරගන්න ඕන profiles, fan pages, groups මොනවද කියලා





මෙතන පෙන්නල තියෙනවා වගේ ඔයගොල්ලන්ගේ profile එක සහ තව ඔයාල maintain කරන fan pages තියෙනවා නම් ඒවත් add කරගන්න පුලුවන්

ඔන්න දැන් ඔයාලගෙ මුලු profile එකම HootSuit එකේ add වෙලා තියෙන්නෙ





තව වාසියක් වෙන්නේ අපේ account එකේ එන news feeds, updates categorize කරලා තියෙන එක
ඒ ඒ categories යටතේ තමයි ඒවට අදාල feeds දිග හැරෙන්නේ

තව categories දාගන්න ඕන නම් + Add stream කියන click එක කරලා තමන්ට අවශ්‍ය feed category ටික තෝරගන්න පුලුවන්





HootSuit හරහා status update කරන්න ඕන නම් කරන්න තියෙන්නේ උඩින් තමන්ට අවශ්‍ය profile එක select කරලා Compose message... කියන තැන අවශ්‍ය status එක type කරලා send message කියන button එක ඔබන්න විතරයි


මේ තියෙන්නෙ scheduled update එකක් දාන විදිය


හිතන්න ඔයාලට කොහේ හරි යන්න වෙනවා.. internet වැඩ කරන්නේ නැති... අඩු ගානේ 3G signals වත් නැති
හැබැයි ඒ ඉන්න අතරතුර වැදගත් status update එකකුත් කරන්න තියෙනවා

ඒ වෙලේට තමයි Hootsuit පිහිටට එන්නේ

මේ විදියට status update කරන තැන තියෙන Scheduling icon එක click කරන්න





එතකොට මෙන්න මේ වගෙ menu එකක් එනවා
එතනින් තමන්ට ඕන status එක සහ links හරි photos හරි දාල දවසයි වෙලාවයි set කරන්න..
කරලා send now කියන button එක ඔබන්න
එච්චරයි..හරියටම ඒ දවසේ ඒ වෙලාවට status එක වැටෙනවා

මෙන්න තියෙනවා මම HootSuit use කරලා දාපු status update එකක්





ඒ වගේම මෙන්න මෙතනින් අපිට තොරන්න පුලුවන් අපේ dashboard එක කොච්චර විනාඩි ගානකට සැරයක්ද refresh කරන්න ඕන කියලා





Facebook වලට කලා වගේම Twitter use කරන අයටත් twitter එකේ හැම වැඩේම HootSuit එක හරහා කරගන්න පුලුවන්





මේකට පුරුදු උනාම ගොඩක් ලේසියි
දැනටමත් මේක පාවිච්චි කරන අය ඇති අපේ
පාවිච්චි නොකරන අයත් පොඩ්ඩක් use කරලා බලන්න..අලුත් දෙයක්.. සමහර විට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes