Thursday, July 10, 2014

ලෝක වටේ හැමෝටම Free Calls ගමු.. (Free Calls to any country easily)

IDD call එකක් ගන්න බර ගානක් යනවා කියලා හැමෝම දන්නවනේ. මේකෙන් පුළුවන් ඔයාගේ Phone 1 Use කරලා ඕනෑම කෙනෙක්ට gprs වලින් calls ගන්න, Message යවන්න. මේකෙන් මගේ රට ඉන්න Blog එකට එන  යාලුවන්ටත් ලංකාවේ අයට කතා කරන්න පුළුවන්.

අද මං කියන්නනේ Viber වලින් මේක කරන හැටි විතරයි. මේ වගේම WhatsApp , Fring වලිනුත් මේක කරන්න පුළුවන්.

මේක ඕනෑම Phone එකකට භාවිතා කරන්න පුළුවන්. (Internet යන්න පුළුවන් phones)
ex: Symbian (Nokia) , Android , I-phones , etc

මේකෙන් call ගන්න තියන මුලික අවශ්‍යතා තමයි Phone එකෙන් Internet යන්න පුළුවන් වීම වගේම, call ගන්න සහ ඇමතුම ලැබෙන්නා කියන දෙන්නගේම Phone වල මේ App එක තිබීම.

එහෙනම් වැඩේ පටන් ගමු..

1.       මුලින්ම ඔයාගේ Phone මාදිලිය අනුව App එක Free download කරගන්න.
 Nokia download link   - http://store.ovi.com/content/306686
Blackberry Download link - http://www.viber.com/products/blackberry/
2.       දැන් ඒක Open කරනකොට Address Book එක Use කරන්නද කියලා අහනවා. ඒක Ok කරලා යන්න.




3.       දැන් එන තැනට ඔයාගේ Phone number එක දෙන්න. (Country code එක උඩින් තෝරන්නත් තියනවා. ඔයා ලංකාවේ කෙනෙක්නම් යට Number එක Enter කරනකොට 0 ඉලක්කම මුලට දාන්න අවශ්‍ය නෑ)





4.       දැන් ඔයා ඒ Enter කරපු Number එකට Code එකක් ඒවි. එක මෙතනට දෙන්න.
5.       ඊළගට එන Dialog box එකෙන් Ok දෙන්න. (Allow to access your contacts)




6.       දැන් එන window එකේ ඔයාගේ Username එක දාන්න තැනක් එනවා. මෙතනට ඔයාට කැමති නමක් දාන්න පුළුවන්. දැන් එතනම යට තියන Facebook button එක තෝරලා Ok දෙන්න.
7.       දැන් ටික වෙලාවක් යනවා. මෙතනදී තමයි ඔයාගේ යාළුවො ටික එකතු වෙන්නේ. (මේ යන වෙලාව මිනිත්තු 1 – 20 ක් වුනත් වෙන්න පුළුවන්)
8.       වැඩේ ඉවර වුනාම ඔයාට සාමානය විදියටම Phone Book එකක් දකින්න පුළුවන්.
9.       මේකට අලුතෙන් අය වුනත් ඔයාට Add කරගන්න පුළුවන්.



10.   දැන් Call එකක් ගන්න පුළුවන් දැන් Online ඉන්න අයට විතරයි.
11.   එහෙම කෙනෙක් තෝරලා Free Call කියන එකෙන් පහසුවෙන්ම call ගන්න පුළුවන්. Message යවන්නත් පුළුවන්.
12.   ඔයාගේ රට ඉන්න යාලුවට කිව්වනම් වෙලාවක්, එයා ඒ වෙලාවට Online ඒවි. ඊට පස්සේ ඉතින් ඇති වෙනකම් මල් කඩන්න පුළුවන්....








13.   ඔයාට phone 1 සල්ලි කැපෙන්නේ නැතුව කොම් එකට connect කරලා තියන Dongle එකෙන් යන විදියට calls ගන්න Viber PC software එකෙන් පුළුවන්.

Viber PC Software එක මෙතනින් Download කරගන්න. (For Windows or Mac OS)

http://www.viber.com/products/windows/

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes