Tuesday, May 13, 2014

බ්ලොග් එකට ඩොමේන් එකක් දාගන්න ආකාරය සහ WWW නොමැතිව ඩොමේන් එක redirect කරවන ආකාරය

අද පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ Blogger බ්ලොග් වලට Custom Domain එකක් දාගන්න විදිය. සරල පියවර කීපයකින් මේක කරන්න පුළුවන්.
බ්ලොග් එකට add කරන්න අපි ඩොමේන් එකක් මිලදී ගන්න ඕනේ. 

දැන් බලමු ඔයාල මිලදී ගත්ත ඩොමේන් එකක් බ්ලොග් එකට add කරන්නේ කොහොමද කියල. මම උදාහරනෙකට Godaddy.com එකෙන් ගත්ත ඩොමේන් එකක් බ්ලොග් එකට දාන විදිය කියන්නම්. අනිත් ඩොමේන් providing සයිට් වලත් මීට සමාන විදියටම තමයි කරන්න තියෙන්නේ.
1) මුලින්ම www.blogger.com වලට ගිහිල්ල ඔයාගේ බ්ලොග් එකේ dashboard එකට යන්න.
2) වම් පැත්තේ මෙනු බාර් එකෙන් Settings -> Basic වලට යන්න.
3) දැන් Publishing කියන කොටසේ තියන + Add a custom domain ක්ලික් කරන්න
4) Advanced settings යටනේ තියන ටෙක්ස්ට් බොක්ස් එකේ WWW එක්ක ඩොමේන් එක ටයිප් කරන්න
    ex – www.myblog.com
 
5) දැන් Save කරන්න. Save කරද්දී පහල පින්තුරේ තියනවා වගේ error මැසේජ් එකක් එයි. ඩොමේන් එකට add කරන්න තියන CNAME’s මේ මැසේජ් එකේ පෙන්නනවා
6) හරි… දැන් අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන ඒකෙන් ඔයාගේ Godaddy ඩොමේන් dashboard එකට යන්න.
7) ඊට පස්සේ dashboard එකෙන් DNS -> DNS Manager වලට යන්න
8) ඊට පස්සේ Standard DNS Dashboard පේජ් එකේ ඔයාගේ ඩොමේන් එක පෙන්නනවා. ඊට පහලින් තියන Edit Zone ක්ලික් කරන්න.
9) දැන් CNAME(Alias) කියන කොටසට බ්ලොගර් වලින් දුන්න cname රෙකෝඩ් දෙක මෙතනට add කරන්න ඕනේ.  CNAME(Alias) කොටසේ දැනට තියන රෙකෝඩ් වලට පහලින් තියන Quick Add බට්න් එකෙන් අලුතෙන් cname add කරන්න පුළුවන්. පහල පින්තුරේ තියන විදියට කරන්න. පැහැදිලි මදිනම් පින්තූරය ක්ලික් කරලා බලන්න.
CNAME(Alias) වල දැනටමත් WWW කියල රෙකෝඩ් එකක් තියනවනම් ඒකම එඩිට් කරන්න
 
10) දැන් save කරන්න. ඩොමේන් එක විනාඩි 5ක් වගේ ඇතුලත බ්ලොග් එකට add වෙයි.
හරි. දැන් ඩොමේන් එක අපේ බ්ලොග් එකට add කරලා ඉවරයි. ඒත් පොඩි කේස් එකක් තියනවා. ඔයාගේ බ්ලොග් එකට යන්න නම් www එක්ක මුළු ඩොමේන් එකම ටයිප් කරන්න වෙනවා ඇඩ්රස් බාර් එකේ. www නැතුව ඩොමේන් එක redirect වෙන්නේ නැ. ඒක හදා ගන්න විදිය පහලින් තියනවා.
1) ඔයාගේ බ්ලොග් dashboard එකෙන් Settings -> Basic වල Publishing කොටසේ තියන Edit ක්ලික් කරන්න.
2) Advanced settings වලට පහලින් Redirect myblog.com to www.myblog.com. කියල option එකක් තියනවා. ඒක ඉස්සරහින් ටික් එකක් දාල save කරන්න.
මේ ක්‍රමයට WWW නැතුව redirect නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ විදියට හැදුවට ඒක වැඩ නොකරන්න පුළුවන්. මේ කේස් එක හදා ගන්න තව ෂුවර් ක්‍රමයක් තියනවා. ඒක කරන විදිය පහලින් තියනවා.
මම Godaddy වලදී මේක කරන විදිය කියල දෙන්නම්.
1) Godaddy dashboard එකට යන්න.
2) කලින් කරා වගේම dashboard එකෙන් DNS -> DNS Manager වලට යන්න
3) Standard DNS Dashboard පේජ් එකේ ඔයාගේ ඩොමේන් එකට පහලින් තියන Edit Zone ක්ලික් කරන්න.
4) දැන් A(Host) කියන කොටසට මම පහලින් දීල තියන රෙකොර්ඩ් 4 add කරන්න. Quick Add බට්න් එකෙන් අලුතෙන් රෙකොර්ඩ් add කරන්න පුළුවන්
Host                                     Points to
@                                                                216.239.32.21
@                                                                216.239.34.21
@                                                                216.239.36.21
@                                                                216.239.38.21

හරි. දැන් Save කරන්න. වැඩේ ඉවරයි. සරලව පියවරෙන් පියවර පින්තූරත් එක්කම තියන නිසා වැඩේ අමාරු වෙන එකක් නැ :) මොනවා හරි ගැටළුවක් තියනවනම් කමෙන්ට් එකකින් ඒක කියන්න. ලිපිය හොදයිනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා …

1 comments:

Unknown said...

CNAME(Alias) code eka 2 ni parata ganne kohomada???

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes