Saturday, May 24, 2014

Windows 8/8.1 වල Safe Mode යන විදිය....

මම අද කියන්න යන්නෙ Windows 8 / 8.1 වලට අලුත් අයට වැදගත් දෙයක් ගැන.හැබැයි මේ ගැන ගොඩක් අය දන්නවා ඇති.නොදන්න අයට දැනගන්න කියන්නම්....

Windows 7 වල නම් ඔන් වෙනකොටම F8 ඔබල Safe Mode එකට එකට යන්න පුළුවන්නෙ.එත් Windows 8 / 8.1 වල එහෙම කරන්න බෑ.අපි බලමු එහෙනම් කොහොමද කරන්නෙ කියලා...


  1. මුලින්ම Windows Key + Q ඔබල සර්ච් බාර් එක ඕපන් කරගන්න.

    [​IMG]

  2. දැන් සර්ච් බාර් එකේ msconfig කියල ටයිප් කරලා එන්ටර් කරන්න.

    [​IMG]

  3. දැන් System Configuration Window එක ඕපන් වෙනවා පහල රුපයේ තියන විදියට.

    [​IMG]

  4. ඊළගට එකේ තියන boot කියල ටැබ් එකට ගිහින් පහලින් තියන Safe Mode කියන තැන ටික් එක දාන්න.ඊළගට Apply කරලා Ok කරන්න.පහල රුපය බලන්නකෝ.

    [​IMG]

  5. ඊළගට Restart කරන්න අහනවා.Restart කියන එක click කරන්න.ඊළගට pc එක කෙලින්ම Safe Mode හරහා ඔන් වෙයි.
Note :
Safe Mode එකෙන් කරගන්න ඕන උන වැඩේ ඉවර වෙලා අපහු ඉහත 1,2,3,4 කියල තියන විදියටම Safe Mode කියන තැන තියන ටික් එක අයින් කරන Restart කරන්න.නැත්තම් දිගටම Safe Mode වලින් තමයි ඔන් වෙන්නේ.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes