මුලින්ම folder එකක් හදා ගෙන ඒක ඇතුලට .JPG කියන format එකේ පින්තුරයත්,
හංගන්න ඕනි file එකත් දා ගන්න. file කීපයක් උනත් කමක් නෑ. ලේසි තැනක හදා
ගන්න. C එකේනම් ගොඩක් හොදයි.
දැන් තමයි WinRar වලින්
compress කර ගන්න ඕනි වෙන්නේ. හංගගන්න ඔනෙ file එක උඩ right click කරලා
‘add to Archive’ කියල select කරන්න. file එක compress වෙලා ඒ folder එක
ඇතුලෙම පෙනේවි.
(click and skip Ad)
දැන් Start>Run ගිහින් (නැත්නම් windows key
+R) cmd කියල type කරලා Enter කරන්න. command prompt window එක පෙනේවි.
ඒකෙදි CD\ කියල type කරලා enter කරන්න.ඊට පස්සේ ‘cd New folder’ කියල. New
Folder කියන්නෙ පින්තූරය තියන folder එකේ නම.
C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.
copy /b Image.jpg + File.rar Image.jpg
copy /b Image.jpg + File.rar Image.jpg
copy /b ලගට තියෙන්නේ ඔයාලගෙ පින්තූරෙ නම.නම ලිව්වට පස්සෙ space එකක් තිලෙ + ලකුණ දාල space එකක් තියල rar file එකේ නම ලියන්න.ආයිත් space එකක් තියල පින්තූරෙ නම ලියන්න.දැන් enter ඔබන්න.
දැන් බලන්න ගිහින් පින්තූරෙ file size එක video
එලක් file size එලකන්ම ලැඩි වෙලා නේද කියල. ඒ කියන්නේ file එක පින්තූරෙ
ඇතලෙට ගිහින් තියෙන්නේ. ඒ උනාට පින්තූරෙ උඩ click කලාම open වෙන්නෙ
පින්තූරෙ විතරයි.
පින්තූරෙ ඇතුලේ තියන file එක ඕනි කරන වෙලාවට බලන්නෙ කොහොමද කියල දැන් කියල
දෙන්නම්.පින්තූරෙ උඩ right click කරලා open with ගිහින් winrar select
කලාමfile එක පෙන්නාවි.open with list එකේ winrar නැත්නම් choose program
ගිහින් winrar select කරන්න.
0 comments:
Post a Comment