Sunday, June 29, 2014

කරදරකාරී shortcut virus එක ඔබේ පරිගණකයෙන් ඉවත් කරගන්න.How To Remove Shortcut Virus From Pendrive, Hard disk, PC, Memory Cards

මම ගොඩක් තැන් වල දැකාලා තියනවා මේ shortcut virus එක නිසා ගොඩක් අය අව්ල් වෙලා ඉන්නවා.මොකද මේක ආපුවාම ඒ ශෝට්ක්කට් ෆයිල් ඩිලීට් කරන්නත් බෑ අනික ඩිලීට් කලත් ආපහු එනවා.ඇත්තටම මේක වයිරස් ගාඩ් එකක් තියන පීසී එකකට වුනත් කිසි අව්ලක් නැතුව වෙන්න පුලුවන්.මම අද කියල දෙන්න යන්නෙ අන්න ඒ කරදරකාරයව අයින්ම කරලා දාන හැටි .හොඳට අහගන්න ඕනෙ ඈ? :v

  • මුලින්ම ඔයා වයිරස් රාජයා තියන පෙන් එක මෙමරි කාඩ් එක් හරි මොන මගුලක් හරි ගහලා ඉන්න.
  • ඊට පස්සෙ මෙන්න මෙතනින් “AutorunExterminator” මලයව බාගන්න.
  • තුන්වෙනියට ඒක බාගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න.
  • එතකොට ඔයාලට දකිම්න පුලුවන් නෝටිෆිකේශන් බාර්(bar ඈ) එකේ මෙන්න මෙහෙම පොඩි කතිරයක් තියනව.ඕක කොලාම autorun.inf ෆයිල් ටික බංග වෙලා යනව.
 
 දැන් ඉතින් වැඩේට බහින්න තමා තියෙන්නෙ.
  • Command Prompt එක administrator විදිහට (එහෙම කරන්නෙ මෙහෙමයි start>all programs >accessories ගියාම ඇති Command Prompt කියලා,ඒක උඩ right click කරලා run as administrator දෙන්න එතකොට හරි )   ඕපන් කොර ගන්න.
  • ඒකෙ ඇතුලෙ මෙන්න මේ කෝඩ් එක ගහලා වැරෙන් එන්ටර්(enter)පාරක් දෙන්න.

attrib -h -r -s /s /d g:\*.*

  *වැදගත්-මම මේකෙදි වයිරස් එක තියන drive එක විදිහට ගත්තෙ g drive එක ඔයාලට පුලුවන්   attrib -h -r -s /s /d g:\*.* කෝඩ් එකේ රතුපාටිං තියන g වෙනුවට වයිරස් එක තියන drive එකේ පාත් එක දෙන්න.
  • ඔන්න අන්තිම හරිය මෙතනින් Malwarebytes’ Anti-Malware සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා අප්ඩේට්(update)කරගෙන ෆුල් ස්කෑන් එකක් වයිරස් එක තිබ්බ පාත් එකට දෙන්න.
  • ඊටපස්සෙ ඕකට අහුවෙන ඔය කුනු කන්දල් ටික ඩිලීට් කරලා දාන්න.
හරි දැං ඔක්කොම හරි බලන්නකෝ ඔය මහලොකු වයිරස් එක තිබ්බ පෙන් එකට ගිහිල්ල ලස්සනට shortcuts ටික බංගස්තාන් වෙලා ඇති!
එහෙනම් අපි චුත වුනා :-Dආයෙ තව එකින් ලගඳිම හම්බෙමු ඈ දිගටම අපිත් එක්ක ඉන්නෝ.......!

1 comments:

Blogger said...

I've used Kaspersky protection for many years now, I recommend this product to all of you.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes