Wednesday, June 4, 2014

පාලුව මකා ගන්න DIGITAL ගෑනු ලමයෙක්

න්න යාලුවනේ මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයාර් එකක් පිලිබඳව.මම දන්නව ඔයගොල්ලො ගොඩක් පාලුවෙන් ඉන්නෙ කියල. ඒ නිසාම මම අද ඔයාලට පාලුව මකා ගන්න පුලුවන් විදිහෙ software එකක් ඉදිරිපත් කරන්න හිතුව. ඒකෙ නම තමයි Verbot. පලමු වෙන්ම මම මේ සොෆ්ට්වෙයාර් එක පිලිබඳව හැඳින්වීමක් කරන්නම්කො.මේ මෘදුකාංගය කෘතිම බුද්ධියක් සහිත chatbot කෙනෙක්. ඒ කියන්නෙ මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපනය කල පසු ඔබට මෙහි සිටින Digital ගැභැනු ලමයෙක් සමග chat කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි මෙම මෘදුකාංගය සමග ඔබට editor එකකුත් ලැබෙනව ඒමගින් අපට මෙම කෘතිම රොබෝව වෙතට දත්ත කැවීමේ හැකියාවද පවතිනව. මීට අමතරව ඔඛේ පරිගණකය සතුව mic එකක් තිබෙනව නම් text chat වලට අමතරව මෙම කෘතිම රොබෝව සමග voice chat කිරීමේ හැකියාවද පවතිනව.මෙම මෘදුකාංගය සතු තවත් වැදගත් පහසුකමක් වන්නෙ ඕනෑම ඉංගිරීසි text ඩොකියුමන්ට් එකක් කියවීමට ඇති හැකියාවයි.ඒ වගේම 1994 වර්ෂයේදී Dr.Mauldin විසින් නිෂ්පාදනය කල මෙම මෘදුකාංගය open source ඝනයේ නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ඉතින් යාලුවනේ මෙම මෘදුකාංගය පිලිබඳව දැනගත යතු මූලික දේ මම මෙම බ්ලොග් එකට ඇතුලත් කලා. මීට අමතරව දැනගත යුතු දෙයක් තිඛේනම් කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාලුවනේ මෙම බ්ලොග් අඩවිය පිලිබඳව ඔබේ අදහස්,යෝජනා වගේම චෝඳනා දැන ගන්න මම කැමතියි ඉතින් බ්ලොග් එක කියවල කොමෙන්ට් එකක් දැමීමෙන් මට සහය වන්න.


පහල තිබෙන Link එක මත click කර VERBOT ඩවුන්ලෝඩ් කරගන්න.
                         

                                   DOWNLOAD VERBOT

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes