Sunday, August 10, 2014

තමන්ගේ PC/Laptop ඉන්ටර්නෙට් එක මඟින් Remotely control කරමුද?

Untitled 4 1ඔන්න NET  සැරි සරන කොල්ලන්ට කෙල්ලන්ට මම අලුත්ම තාලයේ ඇප් එකක් දෙන්නයි හදන්නේ. මේක වෙන කොහෙවත් ගන්න නැහැ මගේ හිතේ මොකෝ මේක මම හදපු නිසා. තිබ්බත් ඉතින් ගනන් ගන්න එපා හොඳේ.
මේක මම හුදෙක්ම වැඩි දියුණු කලේ ඉගෙන ගන්නයි. ඉතින් මේක පාවිච්චියේදි පොඩි හරි BUG එකක් ආවොත් අනිවාර්යෙන් මට කියන්න.

මෙකෙන් පොඩි පොඩි ෆන් වැඩ වගයක් කරන්න පුළුවන්. මේකන් පුළුවන් ඔයාගේ හෝ ඔයාගේ යහළුවෙක්ගේ PC/Laptop එක Shutdown, Restart, Hibernate, Sleep, CD Tray Open, PC Notification and Lock කරන්න.

මේක ඔයාගේ PC/Laptop එක උනත් මොකක් හරි වැඩක් කරන අතරතුර දාල ගිහින් මේ ඇප් එක මගින් Off කර ගන්න පුළුවන්.

මේක වෙන හැටි සරලව කිව්වොත් මේ app එකට ඉන්ටෙර්නෙට් connection එක තමයි මූලිකවම පාදක වෙන්නේ. හදිස්සියේ වත් මේක run කරද්දි හෝ run වෙවී ඉන්නද්දි ඉන්ටෙර්නෙට් ගියොත් කවදා හරි ඉන්ටර්නෙට් එනකන් මේක හෙමින් හෙමින් run වෙනවා. අනික මේකට පොඩි data ප්රමාණයක් ඕනා වෙන්නේ. ඒ නිසා Dongle වලින් ඉන්ටර්නෙට් යන අය data ඉවර වේයි කියලා වද වෙන්න එපා.

මේක Install කරලා පොඩි ෆන් එකක් ගන්න බලන්නකෝ. වැඩිය කියවන්න ගියොත් අගයක් නැති වෙයි වගේ. ඩවුන්ලෝඩ් කරලා Read Me ෆයිල් එක කියවලා බලන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා.


මෙන්න ලින්ක් එක
https://www.mediafire.com/folder/nswinwpvpq3ga/PCRApp

ඔක්කෝම ෆයිල් සයිස් එක 40MB වගේ වෙන්නේ.


ප.ලි: මේක මම වින්ඩෝස් වල ටෙස්ට් කලා. මැක් වල නම් වැඩ කරන එකක් නැති වෙයි.

මෙන්න රීඩ් මී ෆයිල් එකේ රූප ටිකක්.
Untitled 14456




Realtime Video
 Untitled 5

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes