Wednesday, August 6, 2014

oDesk කරලා ගොඩ යමු.(2)

ඔන්න කිවුවා වගේම oDesk post 2ත් අරගන ඉක්මනටම ආවා
අද post 1 තියෙන්නේ oDesk වල ජොබ් හොයාගන ඒවට ඇප්ලයි කරන විදිහ.

මේ පින්තූරේ බලන්නකො මං 1 2 3 4 කියලා නම්බ කරගන ගිහින් තියනවා ඒ මොනවද කියල අපි එකින් එක අරන් බලමු මේ විදියට කියල දෙන්නත් බලන කෙනාට පැහැදිලිව තේරෙන හින්ද මේ විදියට කරන්න තෝරගත්තේ හරි හරි කතා ඇති වැඩේට බහිමු

[​IMG]

1. ඕක ඉතින් අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ අපෙ යාලුවන්ට නිකම්ම දැක්ක ගමන් තේරෙනව ඇතිනෙ මොකක්ද කියලා ඔයාලා සර්ච් කරන්න ඕන ඔයාලා හොදටම දන්න දෙයක් ඒ කියන්නෙ අපි උදාහරනයකට ගත්තොත් C# , ASP , HTML , PHP , WORDPRESS , VB ඔය වගේ.

2. ඔයා කලින් සර්ච් කරපුවගේ රිසාල්ට් ටික තමයි මෙතන එන්නේ
jobe name, type , Posted time, job shord description මේ වගේ දේවල් එක්ක යටින් යටට ජොබ් තියෙනවා ඔයාට ජොබ් වෙන වෙනම ඔපන් කරගන්නෙ නැතුව ජොබ් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් මේ දේවල් බලලා

3. මෙතන තියෙන්නේ ඔයා සර්ච් එකට දෙන කන්ඩිශන් ඒ කියන්නෙ අපි උදාහරනයකට ගත්තොත් උඩම තියන Hourly වලට ටික් එක නොදා Fixed Price වලට විතරක් ටික් එක දැම්මොත් අපිට චර්ච් රිසාල්ට් වලට දෙන්නේ Fixed Price ජොබ් විතරයි ඒ වගේම තමයි එතන තියන අනිත් දේවලුත්

4. මේ තියෙන්නෙ ඔයා කලින් සර්ච් කරපු දේවල් ඒකනම් එච්චර වැඩකටනම් නෑ ඉතින්

හරි දැන් කට්ටියට තමන්ට ගැලපෙන කරන්න පුලුවන් ශුවර් ජොබ් ටිකක් සර්ච් කරල හොයාගන ඇතිනෙ නේද ජොබ් එක කරන්න ඉස්සෙල්ල ඔයා ඒ කයන්ට් කියල තියනදේ දෙතුන් පාරක් කියවල හරි කමක් නෑ හොදට තේරුම් ගන්න ඔයාට ඒ වැඩේ හරියටම කරන්න පුලුවන් නම් විතරක් ඇප්ලයි කරන්න
එහෙනම් අපි බලමු ජොබ් එකක් ඕපන් කරගන ඒකේ තියන දේවල් මොනවද කියලා




[​IMG]



1. මෙතන තියෙන්නේ ජොබ් එකේ ටයිප් එක ඒවගේම එයා හොයන්නෙ කොයි වගේ level එකේ freelancer කෙනෙක්ද කියලත් තියෙනවා

2. මෙතන තියෙන්නේ සම්පූර්නෙන්ම ඔයාට කරන්න දෙන ජොබ් එක ගැන විස්තරයක් සමහර වෙලාවට Attachment පවා තියනවා ඔයා මේක හොදට මුල ඉදන් අන්තිම වෙනකම් හිමින් හොදට කියවලා තේරුම් ගන්න ඊට පස්සෙ ඔයාට මේක කරන්න පුලුවන්නම් විතරක් ඇප්ලයි කරන්න

3. මෙතන මුලින්ම නිල්පාට ?ක් රවුම් කරල තියෙන්නේ අපිට ජොබ් එක දීපු ක්ලයන්ට් මේ ජොබ් එක ගැන හොයල බලපු අන්තිම වෙලාව

දෙවනියට තියෙන්නේ මේ ජොබ් එකට තව කී දෙනෙක් ඇප්ලයි කරලද කියල

අන්තිමට තියෙන්නේ මේ ජොබ් එකට අර ඇප්ලයි කරල තියන කට්ටියගෙන් කී දෙනෙක් කයන්ට් ඉන්ටවිවු කරලද කියලා

4. මෙතන තියෙන්නේ මේ ජොබ් එකට ඇප්ලයි කරපු අය කවුද කියලා

5. මෙතන තියෙන්නේ මේ ක්ලයන්ට් මීට ඉස්සර දාපු ජොබ් හා ඒ ජොබ් වලට හම්බෙච්ච ෆීඩ් බැක්

6. මෙතන තියෙන්නේ මේ ක්ලයන්ට් දාලා තියෙන අනිත් ජොබ් ඒ කියන්නේ තවම ඕපන් එකේ තියන ජොබ්

7. මෙතන තියෙන්නේ ජොබ් එකට ඇප්ලයි කරන ටික

ලොකුවට කොල පාටින් Apply to this Job කියන බටන් එකෙන් තමයි ඇප්ලයි කරන්නේ

Save Job එකෙන් ඔයාට පස්සෙ මේ ජොබ් එක බලන්න සේව් කරගන්න පුලුවන්

ඊට යටින් තියෙන්නේ ක්ලයන්ට්ගෙ reviews රේට් එක හරියක් දාලා තියෙන්නේ ඒ ක්ලයන්ට් oDesk එක්ක එයාගේ payment method එක ස්ථිර කරගෙන තියෙන්නේ කියලා සමහර ක්ලයන්ට්ලට බැජ් එකක් වගේ එකක් තියනවා ඒ ක්ලයන්ට්ල oDesk එකේ ටොප් ක්ලයන්ට් කෙනෙක්

ඊට පස්සෙ තියෙනවා ක්ලයන්ගෙ රට , පෝස්ට් කරල තියෙන ජොබ් ගාන , මෙතෙක් කල් ගෙවපු ගාන , ඇවරේජ් පේ කරපු රේට් එක , කොච්චර කල් ඉදන් oDesk එකේ ඉන්නවද ඒ කියන්නේ රෙජිස්ටර් වෙච්ච දවස පිලිවලින් යටට

අදට oDesk post 2 මෙතනින් ඉවරයි ආයේ ඉක්මනින්ම 3න් වෙනි post 1 අරන් එනවා

අපේ oDesk කරන යාලුවන්ට ජයෙන් ජය aaa30aaa30
          Odesk  පලමු ලිපිය මෙතනින් බලන්න

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes