Wednesday, August 6, 2014

oDesk කරලා ගොඩ යමු.(3)

හරි ඔන්න කිවුවා වගේ තවත් oDesk post 1k අරන් ආවා
පරන post බලල නැත්නම් මෙතනින් oDesk කුප්පිය 1 oDesk කුප්පිය 2 යන්න

අද තමයි oDesk වල හොදම හරිය යන්නේ ඒ කියන්නෙ මේ post තමයි අපි ක්ලයන්ට්ව අල්ලගන්න කොහොමද කියල දෙන්නේ

[​IMG]




1. අපි ඇප්ලයි කරන අපි කලින් බලපු ජොබ් පෝස්ට් එක මෙතන තියෙන්නේ

2. මේ තියෙන්නේ අපිට ඔඩෙස්ක් එකෙන් සාමාන්යෙන් දෙන්නෙ ඇප්ලිකේශන් 15යි ඔතන තියෙන්නේ අපී තව ඇප්ලිකේශන් කීයක් තියනවද කියලා

3. මෙතන තමයි ගනන් ඔක්කොම තීරනය වෙන්නේ

මුලින්ම මෙතන දාන්න ඕන ඔයාට මේ ජොබ් එක කලාම හම්බෙන්න ඕන ගාන

දෙවෙනියට තියෙන්නේ ඔඩෙස්ක් එකෙන් ක්ලයන්ට්ගෙන් ජොබ් එකට අයකරගන්න ගාන ජොබ් එකේ ඔයා තීරනය කරන ගානෙන් 10%ක් ක්යන්ට්ගෙන් ඔඩෙස්ක් එකට ගන්නවා

ඊලගට තියෙන්නේ ඔක්කොම එකතුවෙලා ක්ලයන්ට ගෙවන්න වෙන මුලු ගාන

යටින්ම චූටියට දාලා තියනව ක්ලයන්ගෙ බජට් එක කීයද කියලා පස්සෙ ආයේ පෝස්ට් එක බලන්න යන්න ඕන නෑ කීයද ගාන කියල මෙතන පොඩියට තියන නිසා


4. මෙතන තියෙන්නේ ඔයාගේ ගානෙන් ජොබ් එක කරන්න ඉස්සෙල්ලා ඔයාට කීයක් ඕනද කියලා මේක හිස්ව උනත් තියන්න පුලුවන් අනිවාර්යෙන්ම ගානක් ඉල්ලන්න ඕන කියලා නෑ

5. මෙතන තියෙන්නේ ඔයාට මේ ජොබ් එක කොච්චර කාලෙකින් ක්ලයන්ට සම්පූර්න කරල දෙන්න පුලුවන්ද කියලා

මේකේ තියෙන්නේ
Less than 1 week
Less than 1 month
1 to 3 months
3 to 6 months
More than 6 months
මේ වගේ තමයි තෝරගන්න තියෙන්නේ

6. මෙතනදි තමයි අපි ක්ලයන්ට්ව අල්ලගන්න ඕන හොදම තැන මෙතනදි අපි කරන්න යන ජොබ් එකට කව ලෙටර් එකක් හදලා ක්යන්ට්ට යවන්න ඕන උදාහරනයකට මේ පික් එකේම තියන එක ගත්තොත් C# develop ජොබ් එකක් එතකොට අපි කවර් ලෙටර් එකේදී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන

  • අපි මීට කලින් කරපු ජොබ්
  • කොයි කොයි වගේ දේවල්ද කලේ
  • කොච්චර වෙලා දවසකට වැඩ කරන්න පුලුවන්ද
  • කොච්චර පලපුරුද්දක් තියනවද
  • කොහොමද කන්ටෑක් කරගන්නෙ ස්කයිප් , යාහූ වගේ දේවල්
හැම ජොබ් එකකටම මේවා පොදුයි

මේ ඔක්කොම එකතු කරලා ලේටර් එක හදාගන්න ඕන
මෙතන වැදගත්ම දෙයක් තියනව මතක් කරන්න සමහර ක්යන්ට්ල ජොබ් ඩීටේල් වල මැදකින් වගේ දානවා මොකක් හරි වචනයක් හරි වචන පේලියක් වගේ කවර් ලෙටර් එක මුලින්ම ඒ දෙන වචනෙ හරි වචන පේලිය දාලා කව ලෙටර් එක එවන්න කියලා එහෙම ක්ලයන්ට්ල පස්සෙ ඒ ජොබ් එකට දාන ඇප්ලිකේශන් තෝරගනිද්දි මේ කවර් ලෙටර් එකට මුලින්ම දාන්න කිවුව දේ නැති ඒවා අයින් කරල දානවා මුලින්ම ඒකයි මං මුලදිම කිවුවේ හොදට දෙතුන් පාරක් උනත් කමක් නෑ ජොබ් එක ගැන හොද අයිඩියා එකක් එනකම් කියවන්න කියලා

කවර් ලෙටර් වල සාම්පල් වගයක් මෙතනින් ගන්න අරගන පොඩ්ඩක් එහෙන් මෙහෙන් වෙනස් කරගන්න

7. මෙතන එයාලා තව ප්‍රශ්න වගයක් අහනව ගොඩක් වෙලාවට වැඩිම උනොත් 3ක් වගේ තමයි තියෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ලොකු ප්‍රශ්න අහන්නෙ නෑ


8.මෙතනදි පුලුවන් ඔයා කලින් කරපු ප්‍රොජෙක්ට් එකක දෙයක් තියනවනම් ඒ ගැන ක්ලයන්ට්ට යවන්න උදාහරනයකට පොටෝ එඩිටින් ජොබ් එකක් කියල හිතමුකො ඔයා කලින් කරපු ජොබ් එකට අදාල පොටෝ එඩිට් කරපු පික් ටිකක් ඇටෑච් කරල යවන්න පුලුවන් CV එකක් තියනවනම් ඒක උනත් ඇටෑච් කරල යවන්න


9. මෙතන i understand and agree එකට ටික් එක දාන්න තියෙන්නේ ඕක ඉතින් අපෙ යාලුවන්ට කියන්න තරම් දේකුත් නෙමෙයි ඉතින්


10 ඕකත් කියන්න තරම් දෙයක් නෙමෙයි Apply to this job කියල එක ක්ලික් කරන්න


තාම ඉවර නෑ තව පොඩ්ඩ්ක් තියනවා කියන්න

ඔඩෙස්ක් මුලදි කට්ට ඒත් හැමදාම ඇවිත් බලන්න ජොබ් වලට ඇප්ලයි කරන්න මුලදි ගොඩක් ඒවා declined වෙයි ඒත් ඒ දේවල් ගැන හිතන්න ඒපා දිගටම කරන්න අනිවා ජොබ් සෙට් වෙනවා මුලදිම අතැරල දාන්න එපා ජොබ් දෙක තුනක් කලාම ඔයාට ඔඩෙස්ක් සෙට් වෙයි මුලදි ලොකු ගනන් වැඩ ගන්නත් එපා දෙන වැඩේ හොදටම කරල හොද ෆීඩ් බැක් එකක් ගන්න මොකද ෆීඩ් බැක් හොද වෙන්න වෙන්න ක්ලයන්ට්ලා ඔයාට ජොබ් බාර දෙන මට්ටම තවත් වැඩි වෙනවා

ඔන්න ඔඩෙස්ක් වල ගොඩක් දුරට ඉවරයි තව පොඩි පොඩි දේවල් ටිකක් තියනවා ඒ ටිකත් ඉක්මනටම තව post 1k දාන්නම්

අපේ ඔඩෙස්ක් කරන යාලුවන්ට ජයෙන් ජය aaa30aaa30

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes