Friday, January 24, 2014

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු




imageගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි.මේ වෙනකොටත් මේ සදහා විවිද ක්‍රම තිබ්බත් වින්ඩෝස් 8 සදහා 100%ක් සාර්ථක ක්‍රමයක් තිබුනේ නැති එකයි අවුල. මේ වැඩේ කරපු ගොඩක් අය කලේ වින්ඩෝස් 7 දාන විදිහටම වින්ඩෝස් 8 දාන එක.එත් ඒක සාර්ථකම ක්‍රමයක් නෙමෙයි.ඒකට ඔන්න විසදුමක් තියනවා. මේ වනතෙක් තියන ඕනෑම වින්ඩෝස් සංස්කරණයක් මේකෙන් අති සාර්ථකව දාගන්න පුළුවන්.


මේ සදහා අපිට අවශ්‍ය කරනවා අවශ්‍ය වින්ඩෝස් සංස්කරණය සහිත සංයුක්ත තැටියක් හෝ අදාළ image එකක්.ඊට අමතරව ඉතින් අවශ්‍ය වෙන්නේ Pen Drive එකක්.

හරි එහෙනම් වැඩේ කරන විදිහ බලමු.

1.ඉස්සෙල්ලම සොෆ්ට්වෙයාර් එක අරගෙන Windows Setup Transfer Wizard යන්න.

image
 

2.දැන් Wizard එක ආවට පස්සේ Windows File Path එකට වින්ඩෝස් තියන DVD එක හරි image ෆයිල් එකේ හරි Path එක දෙන්න.USB Drive කියන එකට Pen Drive එකේහරි අදාළ USB Drive එකේහරි  Path එක දෙන්න.

image

 

3.දැන් NEXT කරන්න. ඊට පස්සේ Process එක විනාඩි 10ක් 15ක් යයි. ඊට පස්සේ වැඩේ හරි. දැන් USB Drive එක Ready To Boot.

දැන් ඉතින් First Boot Device එක Removable Device එකට මාරු කරලා මැෂින් එක Restart කරන්න. ඔන් වෙද්දීම Esc Key එක ඔබන්න. එතකොට එන මෙනුවෙන් වින්ඩෝස් තියන USB Drive එක තෝරලා Enter ඔබන්න. දැන් එළකිරි වගේ Boot වෙයි.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes