Monday, January 27, 2014

ප්‍රොසෙසරයේ වේගය 50GHz කරන්න..



ආසද මැජික් එකක් කරලා තමන්ගේ ප්‍රොසෙසරයේ වේගය 50GHz වගේ ගානක් කරලා යාළුවන් අතරින් වේගවත් ප්‍රොසෙසරය හිමි කෙනා වෙන්න.. එහෙනම් මම මේ කියන ටික ගානට හරි විධිහට කරලා බලන්න..

1. මුලින් notepad එකක් ගන්න. (Right Click>>New>>Text Document).
2. ඊටපස්සේ පල්ලෙහා තියෙන ටික එකට කොපි පේස්ට් කර ගන්න:-

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="තමන්ට අවශ්‍ය වේගය හෝ නම"

දැන් මම කිව්වා විදිහට කොපි පේස්ට් කරාට පස්සේ මම ඔය සදහන් කරලා තියෙන "තමන්ට අවශ්‍ය වේගය හෝ නම" කියන වාක්‍ය වෙනුවට තමන්ට කැමති එකක් දාන්න .
උදා:- Core i9 // nVID ප්රොසා // milion core 50GHz..
3. හරි දැන් අපිට අවශ්‍ය නම දැම්මට පස්සේ අපි දැන් අරන් ඉන්න notepad එකේ File කියන මෙනුවට යන්න ගිහින් Save As කියන ක්ලික් කරලා "All Types"කියලා තෝරන්නSave as Type කියන එකෙන් ඊටපස්සේ ෆයිල් එක සේව් කරන්න මෙන්න මේ විදිහට දාලා ProcessorNameChange.reg .. ඉන් පස්සේ ඒ ෆයිල් එක තමනේ C Drive එකට කොපි පේස්ට් කරන්න..
4. ඊටපස්සේ තමන්ගේ ඩෙස්ක්ටොප් එකේ Shortcut එකක් හදන්න.(Right Click>>New>>Shortcut)
ඒකට ගියාම කියයි Type the location of the item කියලා අන්න එතෙන්ට මෙන්න මේ විදිහට දාන්න regedit /S "C:\ProcessorNameChange.reg" දාලා ඒ ෂෝර්ට්කට් එක සේව් කරගන්න..

5. දැන් ඒ ශෝර්ට්කට් ෆයිල් එක රයිට් ක්ලික් කරලා කොපි කරගන්න.
6. ඉන්පස්සේ (Windows XP නම්) C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup නැත්තම් (Vista/7/8 නම්)C:\Users\ User-Name\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup යන තැනට ගිහින් එතනට එම ෆයිල් එක පේස්ට් කරන්න.. 
7. දැන් එක පාරක් මෙශිම restart කරලා බලන්න My Computer>>Properties වල කොහොමද තියෙන්නේ කියලා..

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes