
අපිට අන්තර්ජාලයේ සැරිසරන්න තියෙන ඩේටා පංගුව අපිටත් හොරා එක එක එවුන් පාවිච්චි කරනවා කිව්වොත් බොලාල විස්වාස කොරනවද? මං කිව්වෙ හැකර් බයියල ගැනවත්, කී ලොගර් බයිපාස් ගැනවත් නෙවේ. නිකමට වගේ කේ එම් ප්ලේයර් එක ඕපන් කරන්න. කීයක් ඇඩ් ප්ලේයර් තිරයේ පෙන්වනවාද? සමහර වෙලාවට අලුත් වර්ෂන් එකක් ආවා, ඒකට අප්ඩේට් කරපල්ලා කියලත් කියනව ඇති.

ඉතිං ඕව කියන්නේ බොලාලගෙ කොම්පීතරේ අන්තර්ජාලෙට සම්බන්ධ කොරල තියෙනවනම් විතරයි. ඒ කියන්නේ කේ එම් ප්ලේයර් ලොක්කා මටත් හොරෙන් මගේ කොම්පීතරේ, මගේ ඩේටා ටික පාවිච්චි කරලා. දැන් ඉතිං දමාගෙන කේ එම් ප්ලේයර් අන්ස්ට්‍රෝල් කරන්න එපා. එහෙම බැලුවොත් කොම්පීතරේ සොෆ්ටු බොහොමයකට සමුදෙන්න වෙනවා.
නමින් නෙට් ලිමිටර්. ඒ කියන්නේ මේකෙන් අන්තර්ජාලේ ලිමිට් කරන්න පුලුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රමේට ඉන්සට්‍රෝල් කර ගන්න. ක්‍රමේ නෝට්පෑඩ් ෆයිල් එකේ ඇති. රී ස්ටාර්ට් පාරක් එහෙම දාලා සොෆ්ටුව ඕපන් කරගත්තම බොටත් හොරෙන් බොගෙ ඩේටා පාවිච්චි කරන එවුන් පෙන්නයි. වැඩකට නැති එවුන් බ්ලොක් කරලා දාන්න. සමහර වෙලාවට හොරාට රිංගවලා තියෙන කී ලොගර් කෑලි පවා මේකට අහුවෙනවා. බ්ලොක් කරාම වැඩේ ගොඩ.
සමහර වෙලාවට යූ ටොරන්ට් ලොක්කට එක්කෝ ඩවුන්ලෝඩ් මැනේජරයාට අපේ තියෙන නෙට් ස්පීඩ් එක සම්පූර්ණයෙන් වැය වෙනවා. එතකොට වෙබ් පිටුවක් ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. අදාල සොෆ්ටු වලින් ලිමිට් කරන විදි තිබුණත් ඒක ටිකක් සංකීර්ණයිනේ. මේකෙන් ලේසියෙන් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් මැනේජ් කර ගන්න පුලුවන්. තව වැඩ ගොඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක්. බාගෙන ටැස් කොරලම බලන්න. ඔබට ජය.
8.8 MB

0 comments:
Post a Comment