මුලින්ම කියන්න ඕනේ මේක නිකන් ක්ලික් කරලා සල්ලි හොයන වැඩක්වත්, ඇඩ් දාල
නිකන් සල්ලි ගෙදරට එන විදියේ වැඩක් වත්, සයිට් කිහිපයක් විසිට් කලාම ගිණුමට
සල්ලි එන වැඩක් වත් නෙමේ කියල.
Designcrowd කියන්නේ ග්‍රැෆික් නිර්මාණ අවශ්‍ය අයවත් ඩිසයින් කරන්න පුළුවන්
අයවත් සම්භනධ කරන තැනක්. මේ සඳහා Designcrowd එක 15% ක් අය කරනවා ඔය උපයන
මුදල් වලින්.
මම හිතන්නේ නිකන් මොනවා හරි ජිල්මාට් එකක් දාල සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන අයට මේක හරියන්නේ නැති වෙයි.
මේකට අවශ්‍යවෙන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන දැනුම(කොරල් ඩෝ, ඉලස්ට්‍රේටර්,
පොටෝ ෂොප්, වර්ඩ් ප්‍රෙස් වගේ), ඉංග්‍රීසි දැනුම(අවශ්‍යතාවය තේරුම් ගැනීමට,
හා පාරිභෝගිකයා සමග සක්කචා කිරීමට), අන්තර් ජාල පහසුකම හා වැඩ කිරීමට කාලය
Designcrowd එකේ සාමාන්‍යයෙන් $100 - $800 වගේ පරාසයක වැඩ තියනවා ඕනෙම
කෙනෙකුට තමා කැමති...