
Windows පරිගණකයේ ඇති සාම්ප්‍රදායික මීඩියා ප්ලෙයර් එක වෙනුවට භාවිතා කළ හැකි විවිධාකාර මෘදුකාංග කොතෙකුත් තිබෙනවා.
නමුත් මේ ලිපිය එවැනි සාම්ප්‍රදායික තවත් එක් මෘදුකාංගයක් ගැන නොව 31-Band
Stereo Equalizer එකක්, ඔන්ලයින් රේඩියෝ, ඕඩියෝ එඩිටර්, ඕඩියෝ කන්වර්ටර්
ආදී පහසුකම් රැසක් සමඟ එන සුපිරි ඝනයේ ඕඩියෝ මීඩියා ප්ලෙයර් එකක් ගැනයි . මෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ මෙම මීඩියා ප්ලෙයර් එක නොමිලේ දෙන ෆ්‍රීවෙයා එකක් වීමයි. මෙය කුඩා මෘදුකාංගයක් නොවේ. JSound ලෙස නම් කොට ඇති මෙම මීඩියා ප්ලෙයර් එක මෙගාබයිට් 65ක ප්‍රමාණයකින් යුක්තයි. මෙහි අලංකාර අලු පැහැති පසුබිම සහ එහි අලංකාර පෙනුම භාවිතය පහසු වන අයුරින් නිපදවා තිබෙනවා. playback
බට්න්ස් ,ඇල්බම් කවර් පින්තූරය, ස්ටීරියෝ වොලියුම් කන්ට්‍රෝල්ස්
,ප්ලේලිස්ට් ලයිබ්‍රරි, සහ ඉක්වලයිසරය පහසුවෙන් භාවිතා කළ හැකි පරිඩි
ස්ථානගත...